සරසවි සිසුවියට ජීවිතය එපාවෙලා

961

මෙම සිසුවිය මන්නාරමේ පදිංචිකාරියක් වන අතර යාපනයේ කලට්ටි ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයට අයත් සිසු නේවාසිකාගාරයක් තුළදී මෙසේ සියදිවි හානි කරගෙන තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුවියක් විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරයක් තුළදී ගෙල වැළලාගෙන පෙරේදා (3 දා) මියගොස් තිබේ.

තවත් සහෝදර සිසුවියන් පිරිසක් ඇය සමග මෙම නේවාසිකාගාරයේ වාසය කොට ඇති අතර ඔවුන් එහි නොමැති අවස්ථාවක් බලා සිසුවිය මෙසේ සිය දිවි හානි කරගෙන තිබේ.

මියගිය සිසුවියගේ මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත. යාපනය පොලිසියේ ප්‍ර.පො.ප. චම්ලි පළිහේන මහතාගේ මෙහෙයවීම යටතේ උ.පො.ප. මයිරන්, සැරයන් රවීන්ද්‍ර යන මහත්වරු මේ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන අතර කෝපායි පොලිසියද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ සහ නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment