නවාගේ ගී හෙට සහ අනිද්දා නෙළුම් පොකුණේදී…

210

නවරත්න ගමගේ 30 වසරක සංගීත ආවර්ජනා “නවාගේ ගී Colours of Love”, හෙට සහ අනිද්දා (අප්‍රේල් 20,21) සවස 6.30 සිට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. ගායක ගායිකාවන් 42කට අධික පිරිසක් සහභාගි වන මෙම ප්‍රසංගයේ ඔහුගේ සංගීත දිවියේ නිර්මාණය කළ ආදර මල්වල, හීනයකි මට ආදරේ, සිතින් විතරක්, ඔබ එන්න ඇතුළු ගීත රැසකින් ප්‍රසංගය වර්ණවත් වීමට නියමිතය. නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මෙහි සියලු කටයුතු සංවිධානය කරයි.

කසුන් කල්හාර, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරී, සශිකා නිසංසලා, උමාරියා සිංහවංශ, කමල් අද්දරආරච්චි, රයිනි චාරුකා, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, කීර්ති පැස්කුවල්, මරියසෙල් ගුණතිලක, ප්‍රදීපා ධර්මදාස, ජගත් වික්‍රමසිංහ, රශ්මි සංගීතා, අමල් පෙරේරා, ඉන්දිකා උපමාලි, ක්‍රිෂාන්ත එරන්දක, දයාන් විතාරණ, ඉන්ද්‍රචාපා ලියනගේ, ඉමාන් පෙරේරා, සමන් ජයනාත්, කුෂානි සඳරේඛා, අජිත් බණ්ඩාර, සුරේන්ද්‍ර පෙරේරා, ආදිත්‍යා වැලිවත්ත, රවි රොයිස්ටර්, අනුරාධා නන්දසිරි, උමාලි තිලකරත්න ඇතුළු ගායක ගායිකාවන් 42ක් සහභාගි වෙයි. ප්‍රවීණ වාද්‍ය වෘන්දයත් සමඟ කථනයෙන් එක්වන්නේ සමන් ආතාවුදහෙට්ටිය.

advertistmentadvertistment
advertistmentadvertistment