අවිස්සාවේල්ලේ ද්විත්ව ඝාතනයට තල්දූවේ මහේෂ් අත්අඩංගුවට

435

මන්නා රමේෂ්ගේ ඕඩරයකට වැඩ කළා -සැකකරු කියයි

අවිස්සාවේල්ල තල්දූව නගරයේදී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයන් සිව් දෙනකුගෙන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කර පලා යෑමේ සිද්ධියේ මහ මොළකරු ‘තල්දූවේ මහේෂ්’ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (12 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායිහි සැඟවී සිටින ‘මන්නා රමේෂ්’ නමැති පාතාල නායකයාගේ උපදෙස් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකළ බව අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියේ හමුවේ පාපොච්චාරණය කර තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවත්නා ආරවුලක් මෙම ද්විත්ව ඝාතනය හේතුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු හම්බන්තොට ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment