ළහිරු තිරිමාන්න තිරප්පනේදී රිය අනතුරක

318

ලොරියක මුහුණට මුහුණ ගැටිලා

පස්දෙනෙක් රෝහලේ

මෝටර් රථ රියැදුරුට බරපතළයි

රියැදුරුට නින්ද ගිහින්…!

ජාතික ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ඊයේ (14 දා) උදෑසන ඒ නවය මාර්ගයේ තිරප්පනේ අලුත්පුංචිකුලම ප්‍රදේශයේ දී තවත් ලොරි රථයක මුහුණට මුහුණ ගැටී තිබේ. එහිදී අනතුරට ලක්ව තුවාල ලැබූ ළහිරු තිරිමාන්න අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව තිරප්පනේ පොලිසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ දී ළහිරු තිරිමාන්න සහ ඔහුගේ මව මෝටර් රථයේ සිට ඇත. එහිදී ප්‍රදේශවාසීන් එක්ව බරපතළ තුවාල ලැබූ ඔහුගේ රියැදුරුද, ලොරි රථයේ රියැදුරු සහ රිය සහායකද අනුරාධපුර ශික්ෂණ රෝහලට 1990 සුවසැරිය ගිලන් රථයක් මගින් යවා ඇත. ළහිරු තිරිමාන්න ඔහුගේ මෑණියන් සමඟ අනුරාධපුර දෙසට මෝටර් රථයෙන් යමින් සිටියදී අනුරාධපුර දෙස සිට කැකිරාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී තිබේ. අනතුරින් පසු ලොරි රථය ද මාර්ගයෙන් ඉවතට පැන පෙරළී බරපතළ හානි සිදුවී තිබේ.

ළහිරු තිරිමාන්න තිරප්පනේදී රිය අනතුරක
ළහිරු තිරිමාන්න තිරප්පනේදී රිය අනතුරක

අනතුරට හේතුව රියැදුරුට නින්දයෑම විය හැකි යැයි අනුමාන කරන බව පරීක්ෂණ පවත්වන තිරප්පනේ පොලිසිය කීය. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තිරප්පනේ – සමන් පෙරේරා, ප්‍රභාත් වනසිංහ – නාච්චාදූව සහ මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment