වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ගේ අද තත්ත්වය

404

විවෘත ට්‍රක් රථයක සිට වීරෝධතා ව්‍යාපාරයකට සහභාගී වෙමින් සිටියදී ඊයේ සවස නාදුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකට ලක් වූ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට පත්ව ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔහුට රෝහලින් නික්ම යාමට හැකි වනු ඇතැයි ඔහුගේ සමීපතමයන් මාධ්‍යයට පවසා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් 70 හැවිරිදි වියෙහි පසු වන හිටපු අගමැති ඛාන්ගේ පාදයකට තුවාල වී ඔහුව ලාහෝර් නගරයේ පිහිටි රෝහලකට ඇතුලත් කර තිබේ. පිස්තෝලයක් භාවිත කර සිදු කළ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයා පොලිස් අත් අඩංගුවට පත්ව සිටී. මෙම ප්‍රහාරයෙන් හිටපු අගමැතිවරයා සමීපයේ සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර තවත් 10 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment