ගිය වසරේ රිමාන්ඩ් එකේ උපාධිධාරීහු 2340ක්

89

අඩුවෙන්ම සිටියේ පාසල් නොගිය අය

ඉකුත් වර්ෂයේ දී (2022) බන්ධනාගාරගත වූ රැඳවියන්ගෙන් 2340 දෙනකු උපාධිධාරීන් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

බන්ධනාගාරගත වූ උපාධිධරීන් අතුරින් 41 දෙනකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 2,299කි. ඉකුත් වසර තුන තුළ දී වැඩිම උපාධිධාරීන් සංඛ්‍යාවක් බන්ධනාගාරගත වී ඇත්තේ 2022 වර්ෂයේ දී බව ද මෙකී සංඛ්‍යා දත්ත මගින් පෙන්වා දී ඇත. උපාධියට වඩා ඉහළ අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් 121 දෙනකු ඉකුත් වර්ෂයේ දී බන්ධනාගාරගත වී ඇත. ඉකුත් වර්ෂයේ දී බන්ධනාගාර ගතවූ රැඳවියන් අතුරින් අ.පො.ස උසස්පෙළ සමත් වූ රැඳවියන් සංඛ්‍යාව 8420කි. අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් රැඳවියන් සංඛ්‍යාව 7168කි. අඩුම සංඛ්‍යාවක් බන්ධනාගාරගත වී ඇත්තේ පාසල් නොගිය පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 836කි. 08 ශ්‍රේණිය සමත් පුද්ගලයන් 6,747 දෙනකු ඉකුත් වර්ෂය තුළ බන්ධනාගාරගත වී ඇත.

ඉකුත් වර්ෂයේදී බන්ධනාගාරගත වූ 30,331ක් වන මුළු රැඳවියන් සංඛ්‍යාව අතුරින් 17 928 දෙනකුම ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබූ අය බව ද මෙකී සංඛ්‍යා දත්ත මගින් පෙන්වා දී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment