සෙනසුරු වක්‍ර වෙයි

730

සෙනසුරු’ හෙවත් ශනි ග්‍රහයා ජ්‍යොතිෂයේ නිතර කථාබහට ලක්වන අප සෑම සියලු දෙනාගේම අවධානයට ලක්වන නවග්‍රහයින් අතරින් ප්‍රධාන වූ පාපී ග්‍රහයෙකි- සපලවලට වඩා අපල බාධා හා පීඩා ඇති කරන ග්‍රහයකු ලෙස ප්‍රසිද්ධියට පත් සෙනසුරු ජුනි 18 වන ඉරු දිනයේදී තවත් ග්‍රහ පෙරළියකට සූදානම් වේ- එනම් ග්‍රහ බල බිඳී, පෙරළිකාර ශනි, පස්මසක් වක්‍ර ග්‍රහ ගමනේ යෙදීමට සූදානම් වේ- ඒ අනුව සෙනසුරු ජුනි මස 18 රාත්‍රී 10.59 ට කුම්භයේ වක්‍ර වනු ඇත-

පසු ගිය මාස හයකට ආසන්න කාලයක සිට රාශි වළල්ලේ කුම්භ රාශියේ බලවත් වූ ප්‍රමුඛ රාශි ගතව ඉදිරියට පැමිණි සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එළඹෙන 2023 ජුනි මස 18 වැනි ඉරිදා දින සිට මෙතෙක් කුම්භ රාශි ගතව ඉදිරියට ගමන් කළ ශනි ග්‍රහයා වක්‍ර ග්‍රහ ගමනකට යොමු වනු ඇත- එනම් ශනි වක්‍ර වීම හෙවත් රාශි චක්‍රයේ පසු පසට ගමන් කිරීමයි- ඒ අනුව මාස 5 කට ආසන්න කාලයක් සෙනසුරු වක්‍ර ගමනේ යෙදෙනු ඇත- ඒ අනුව මෙම සෙනසුරු ග්‍රහයා එළඹෙන 2023 නොවැම්බර් 04 වැනි දින ප- ව 12-34 දක්වා ගෝචර ගමනින් මෙම වක්‍ර ග්‍රහ ගමනේ යෙදෙනු ඇත- ඉන් අනතුරුව නැවතත් 2023 නොවැම්බර් 04 වැනි දින ප. ව. 12.34 න් පසු ඉදිරිය බලා පිවිසෙනු ඇත. මෙම තත්ත්වය 2023 අග භාගය වන තෙක් පවතිනු ඇත. සෙනසුරු වැනි පාප ග්‍රහයකු වක්‍ර වීම හෙවත් ආපසු පසු පසට ගමන් කිරීම ගුරු වැනි සුබ ග්‍රහයෙකු වක්‍ර වීමට වඩා සුබදායක වනු ඇත. ඒ අනුව පසුගිය කාලය පුරා සෙනසුරුගෙන් වූ බොහෝ පීඩාකාරී හා බාධාකාරී තත්ව මෙම ශනි ගේ වක්‍ර වීමත් සමග යම් පමණකට සමනය වනු ඇත- ඒ අනුව සෙනසුරු වක්‍ර වීම යනු යම් අස්වැසිල්ලක් වනු ඇත-

ග්‍රහ මඩුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්‍රහයකු වන දුකට අධිපති ශනි ග්‍රහයා නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙන් වෙයි. මකර හා කුම්භ යන රාශිවලට ද පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වල ද හිමිකාරිත්වය දරනු ලබන අතර තුලා රාශියේදී උච්ච වී මේෂ රාශියේදී නීචවෙයි. සූර්යාගේ සිට සැතපුම් 886779900 ක මධ්‍යයන දුරකින් පිහිටා ඇති අතර සෙනසුරු ග්‍රහයාගේ විශ්කම්භය සැතපුම් 76500 වෙයි. භ්‍රමණ වේගය පැයට සැතපුම් 21221 ක් වෙයි. සෙනසුරු වටා චන්ද්‍රයන් 09 ක් සිටින අතර එය වෙනත් ග්‍රහයන්ට නොමැති විශේෂත්වයකි. විෂ ධූම වළලු 07 ක් සෙනසුරු වටා ගමන් කරනු ලැබෙයි. එබැවින් සෙනසුරුගෙන් නිකුත් කරනු ලබන කිරණ පෘථිවියට ලැබෙන්නේ අසුභ කිරණ වශයෙනි. පැය 10 විනාඩි 02 තුළ තමා වටේ භ්‍රමණය වන බැවින් සෙනසුරුගේ සෑම පැතිකඩක්ම පෘථිවිය මත සෑම පැය 24 කට ම 2 වරක් පතිත වෙයි.

අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ප්‍රධාන ග්‍රහ තාරකාවන් අතරින් නවග්‍රහයින් ප්‍රධාන කොට ගනිමින් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී පලාපල විමසනු ලබනවා. පෘථිවියට වඩාත්ම බලපෑමක් සහිත ග්‍රහ තාරකාවන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි හා ඡායා ග්‍රහයින් දෙපළ වන රාහු හා කේතු නිරන්තර චලිතයක හෙවත් ග්‍රහ ගමනක යෙදී සිටිනවා. එහිදී සඳු දින දෙකහමාරකදී රාශියක් මාරු කරන අතර රවි, කුජ, බුධ, සිකුරු යන ග්‍රහයන් මාසයක් හෝ දින 45 කාලයකදී රාශි මාරු කරන අතර ගුරුත් රාහු හා කේතුත් වසරකට ආසන්න කාලයකදී රාශි මාරු කරනු ලබනවා. ඒ අතරින් ජ්‍යොතිෂයේදී පාපී ග්‍රහයකු ලෙස හඳුන්වන සෙනසුරු රාශියක් මාරු කරනු ලබන්නේ වසර දෙකහමාරක පමණ කාලයකදී ය. එය අපට බලපෑම් කරන ග්‍රහයින් අතරින් ගත් කල ඉතාම දීර්ඝ කාලයක් එක් රාශියක ගත කිරීමකි. සෙනසුරු යනු ඉතාම සෙමෙන් ගමන් කරන ග්‍රහයෙකි. එම ගමන පදනම් කොට ගනිමින් මිනිසාට හා ස්වභාවධර්මයාට විවිධ වූ බලපෑම් එල්ල වනු ලබනවා.

වසර දෙකහමාරක් එක රාශියක ගත කර වසර තිහක් පුරා චක්‍රය වටා කරකැවෙමින් ඒ ඒ රාශිවලට ඒරාෂ්ටක බලය ඇති කරමින් විවිධ වූ අපල හා පීඩාකාරී තත්ත්වයන්ට මිනිසා ගොදුරු කිරීම මේ සෙනසුරුගේ සිරිතයි. ලෞකික අනිෂ්ට ග්‍රහයකු වන සෙනසුරු 3, 6 හා 11 යන භාවයන්වලදී පමණක් සුබ ඵල ලබා දෙන ශනි ග්‍රහයා අනෙකුත් සියලු භාවයන්වලදී ලබා දෙන්නේ අසුබ ඵලයි. කෙසේ වෙතත් ඔබත් ඔබේ ජන්ම පත්‍රය නිසි ලෙස ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කර ගැනීම තුළින් සෙනසුරුගේ සුබ අසුබ ඉතාම පැහැදිලිව දැන ගැනීමෙන් ඊට අදාළ නිවැරදිව ග්‍රහ ශාන්ති කර්මය ඉටු කර ගැනීමේ හැකියාව ඇත.

සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා අපේ නවග්‍රහ මණ්ඩලයේ 7 වන ග්‍රහයා වන අතරම ඔහු නපුංසක ග්‍රහ ලොවක් ලෙසද හැඳින්වේ. සතියේ දිනයක්ද සෙනසුරු වෙනුවෙන් වෙන් කර දී ඇත. අපේ ග්‍රහ මණ්ඩලයේ සිටින තදබල කේන්තිකාරයාද වන්නේ සෙනසුරුය. එසේම අයුෂ්කාරකයා ය. මේ අනුව ශාරීරික පීඩා, නඩුහබ, කල්පවතින රෝගාබාධ ඇති කිරීම මෙන්ම ආයුෂවලට ද බලපෑම් ඇති කිරීමට සෙනසුරු සමතෙකි. කළුපාටට හුරු නිල් වර්ණයෙන් යුතු ශනි ග්‍රහයා තමාගේ වාහනය ලෙස අප හට හුරු පුරුදු කපුටා තෝරා ගෙන ඇත. සිය වාසස්ථානය ලෙස නුග වෘක්ෂය තෝරා ගන්නා සෙනසුරු බටහිර දිශාවට අධිපතිත්වය දරයි. කාක නිල ශනිට හිමි මැණිකයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ නායකත්වය දරන සූර්යයා හෙවත් හිරු සෙනසුරුගේ පියා ලෙස සලකනු ලබයි. නමුත් මෙම පිය පුතු දෙදෙනා පරම සතුරන්ය. සිය ආහාරය ලෙස නරක් වූ කුණු මාංශ ආහාරය ලෙස ගන්නා සෙනසුරුගේ කක්ෂය වටා පවතින විෂ වායු ධාරාවන්ගෙන්

පිරි වළලු නිසාවෙන් ශනි ග්‍රහයා වාතයට අධිපති ග්‍රහයා ලෙසද සලකනු ලබයි. දුකට අධිපති සෙනසුරු ජ්‍යොතිෂයට අනුව අප ජන්ම පතේ සිටින ප්‍රබල පාපී ග්‍රහයෙකි. දීර්ඝ කාලයක් එක් රාශියක රැඳී සිටිමින් විවිධාකාරයෙන් මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කරමින් බලය එල්ල කරන සෙනසුරු තම තමන්ගේ ජන්ම පත්‍රවල පිහිටා ඇති ආකාරය අනුව සෑම විටම එසේ අපල උපද්‍රව එල්ල නොකරන අවස්ථා ද අපට දැක ගත හැකිය. සෙනසුරු හොඳට සිටිය කල ජන්මියා ඉහළටම ඔසවා තැබීම සෙනසුරුගේ සිරිතයි. මෙම කරුණු කාරණා නිසාවෙන් වැඩිදෙනකු සෙනසුරු ගැන කතා කරයි. ශනි අපලයෙන් මිදීම සඳහා ඇති ග්‍රහ ශාන්තිකර්ම පිළිබඳව බොහෝ දෙනා අවධානය දක්වන්නේ ඒ නිසාය. ශනි වක්‍ර වීම ඔබගේ ලග්නයට කෙසේ බලපානු ඇද්ද?

● මේෂ ලග්නය

මෙම කාලය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපල ලාභ ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සවවලට හා සමිති සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබ දායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප්‍රීති උත්සව හෝ මංගල උත්සවවලට සහභාගී විමට අවස්ථාව උදා වනු ඇත.

● වෘෂභ ලග්නය

නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතුවලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථා තුළ ගැටලු ඇති වීමට කරුණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමග කරන කටයුතුවලදි අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. කරගෙන යන රැකී රක්ෂාවලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශ්‍රිත රෝගාබාධ, වාත රෝගාබාධ, හිරි වාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙයි.

● මිථුන ලග්නය

සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපල දියුණු වන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතුවලට සුභ ඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්ථාන මාරු වීම් හෝ උසස් වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැඛේ.

● කටක ලග්නය

මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුභ ඵල උදා කරන කාලයක් නොවනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබට ද මෙම කාලය තුළ එතරම් සුභදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදි එය බිඳී යෑමට හැකිය.

● සිංහ ලග්නය

වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑ කෙනෙකුට යම් අපලදායක තත්ත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවණතාවයක් පවතී. ඔබට වැඩිහිටි නෑදෑයින්ගෙන් දේපල හා යාන වාහන ලැබීමේ අවස්ථා උදා වනු ඇත. රැකීරක්ෂා කටයුතුවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

● කන්‍යා ලග්නය

ශනි ගෝචර වීම මත වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු, වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

● තුලා ලග්නය

ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්සන අඩු වන අතර ශරීර ශක්තිය හීන වීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තද බල අගහිඟතා ඇති වීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් ගැටලු හා ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පහසුවෙන් දත් දිරායෑමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇති විය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක් පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය.

● වෘශ්චික ලග්නය

බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරි වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබවලට යෑමෙන් ඒවායින් ජය ගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. රැකියා ස්ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඹබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ මානසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙයි.

● ධනු ලග්නය

ඔබගේ වැය පක්ෂය ඉහළ යන අතර ධන හානි ඇති කරයි. අතේ මුදල් නොරැඳෙන කාලයකි. මෙම කාලය තුළ නීතිමය ප්‍රශ්න ඇති විය හැකිය. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටු වීමේ ප්‍රමාදයක් ඇති වන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්ථානවල යම් යම් ගැටලු ඇති වීමට හැකියාව පවතී. ඔළුවේ කැක්කුම්, ස්නායු ආබාධ, මුත්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ්එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබදායක නැත. ස්ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

● මකර ලග්නය

ඔබට සමපල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. මේ කාලය මිශ්‍රඵල දායක වේ. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදාචේ. රැකියා අංශවල විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතු වලින් දක්ෂතා ගෙනදෙයි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැනනැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායක ය. රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම් ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

● කුම්භ ලග්නය

ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතුය.

● මීන ලග්නය

ඔබට මධ්‍යම සුබඵල දායකයි. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. නමුත් බාධා ඇතිවේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝවිට උදාවේ. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමග මතබේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලු අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ තියෙනවා වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම් ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර, සෞඛ්‍ය තත්ත්වය ද යහපත්ය. ඔබට මෙම කාලය සාමාන්‍ය සුභය. එම නිසාවෙන් කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැඹුරු වන කාලයකි.

සෙනසුරු වක්‍ර වෙයි

බණ්ඩාරගම, – සම්පත් එස්. කල්පගේ
ජ්‍යොතිෂවේදී, “තසුනි” සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය. නො. 49/ 1, විහාර මාවත,
ගම්මන්පිල, බණ්ඩාරගම. දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment