තරුණ සේවා සභාවේ ඉහළ තනතුරුවලට මැතිඇමතිවරු කෙළ හලති

225

තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා සහකාර අධ්‍යක්‍ෂ තනතුරුවලට තම හිතවතුන් බඳවා ගන්නා ලෙස ඇමැතිවරුන්ගෙන් රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් දේශපාලන බලපෑම් එල්ලවන බවට වාර්තා වේ.

මේ වන විට සහකාර අධ්‍යක්‍ෂ තනතුරුවලට බඳවාගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණ පවත්වා අවසන් කර තිබේ. ඉදිරි දිනවලදී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තනතුරු සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතව තිබුණත් දේශපාලන බලපෑම් නිසා තනතුරු පුරවා ගැනීමට නොහැකි වී තිබේ.

තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සභාපති තිරාන්ද අල්විස් මහතාට මෙම බලපෑම් එල්ල වී ඇති බවත්, බලපෑම් කරන දේශපාලනඥයන් ඔවුන්ගේ ලිපි සහ දුරකථන ඇමතුම්, පෞද්ගලික ඉල්ලීම් මගින් එල්ලවන බවත් දැන ගන්නට ඇත. සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වූ ඇතැම් පිරිස් ඇමැතිවරුන්ගේ ලිපි පවා රැගෙන සහභාගි වී ඇතැයි ද පැවසේ.

තමාට එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් විෂයභාර ඇමැති රොෂාන් රණසිංහ මහතාට ද දැනුම් දී ඇති අතර බලපෑම් කරන අයට එරෙහිව නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment