නදීරගෙ දුවගේ සැබෑ වුණ හීනය

149

මට ඔක්ටපෑඩ් වාදනය කරන්න බැහැ – මාරියා නෝනිස්

නදීර නෝනිස් රටම දන්න දක්‍ෂ වාදන ශිල්පියෙක්. ඒ වගේම ගායන ශිල්පියෙක්. ඔහුගේ ආදරණීය දියණිය මාරියා නොනිස්ගේ කුළුඳුල් ගීතය ‘මගේ හීනේ. නමින් පසුගිය දිනෙක එළිදක්වනව’ මේ වන විට නැරඹුම් වාර මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් තියෙන ‘මගේ හීනේ’ ගැන දැනගන්න අපි මාරියා එක්ක කතාබහකට එකතු වුණා.

මාරියා” මගේ හීනේ ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ ෆෑන්ලගෙන් වගේම බොහෝ දෙනකුගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව.

නදීරගෙ දුවගේ සැබෑ වුණ හීනය

මේ ගීතය ගැන කතා කළොත්?

මේ ගීතය ලිව්වෙ හසිත හේමාල් අංකල්. සංගීතවත් කළේ චතුරංගන ද සිල්වා අංකල්. මියුසික් වීඩියෝ එක කළේ සංදේශ් බණ්ඩාර අංකල්. රූගතකිරීම් කළේ පෝට්සිටියෙ.

කාගෙද මේ අදහස?

මගේ අම්මයි තාත්තයි කතාවෙලා තමයි ලස්සනට මේ සිංදුව කළේ. එයාලට වුවමනා වුණා මගේ හැකියාව එලියට ගන්න.

නදීරගෙ දුවගේ සැබෑ වුණ හීනය

රෙකෝඩින් එකෙන් පස්සෙ අම්මා සහ තාත්තා මොකද කිව්වෙ?

ගීතයේ වැඩ ඉවර වුණාට පස්සෙ මටත් කලින් අම්මයි තාත්තයි ඒක බැලුවා. ඇත්තටම ඒ දෙන්නට ගොඩක් සතුටුයි. ලස්සනට සිංග් කරල තියෙනව කියල මට කිව්වා.

මේ ගීතයත් එක්ක ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවද?

ප්‍රසංගවලට ආරාධනා ලැබෙනව. අම්මා සහ තාත්තා මට නිදහස දීල තියෙන්නෙ ඒවාට සහභාගී වෙනවාද නැද්ද කියල තීරණය කරන්න. නමුත් මගේ ගීත කිහිපයක එකතුවක් නැති නිසා දැනට ඒවාට සහභාගී වෙන්නෙ නැහැ. ඒ වගේම මම තව අත්දැකීම් ලබාගන්න ඕනා. ඒ වෙනුවෙන් ටික කාලයක් මෙහෙම යන්න තමයි අදහස් කරන්නෙ.

මේ වන විට නැරඹුම් වාර මිලියන දෙකකට ආසන්නයි?

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ගීතය එළිදක්වලා තවම සති තුනක්වත් ගියේ නැහැ. නරඹපු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

මේ ගීතය කරන්නෙ ගෙදරින් කියන නිසාද? මාරියා ඇත්තටම සංගීතයට කැමතිද?

ඔව්” ගෙදරින් කියන නිසාම නෙමෙයි මේ ගීතය කරන්නෙ. මම සංගීතයට ගොඩක් කැමතියි. ඉදිරියට තවත් ගීත කරන්න කැමැත්තෙන් ඉන්නව.

අධ්‍යාපන කටයුතු?

තව අවුරුදු දෙකතුනක් තියෙනව අධ්‍යාපන කටයුතු අවසන් වෙන්න.

ගීතය මේ තරම් හිට් වෙයි කියල අදහසක් තිබුණද?

අපි මේ ගීතය කළේ හිට් වෙයි කියල හිතලවත්, ජනප්‍රිය වෙන්න හිතාගෙනවත් නෙමෙයි. සංගීතයට තියෙන ආසාව නිසාම සහ මගේ හැකියාව ගැන උරගා බලන්න තිබුණ ආසාව නිසයි.

සංගීතයෙන් ඉදිරියට යන්න අදහසක් කරනවද?

මම තවම ඒ ගැන හිතල නැහැ. අධ්‍යාපන කටයුතු අවසන් කරල තමයි ඒ ගැන තීරණයක් ගන්නෙ.

තාත්තාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

තාත්තා මියුසික් කරන නිසා මේ ෆීල්ඩ් එක ගැන හොඳින්ම දන්නව. ඒ නිසා මට ගොඩක් දේවල් එයාගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තාත්තා තමයි ගොඩක්ම මට ඉස්සරහට යන්න උදව් කරන්නෙ.

රූපවාහිනී වැඩසටහන්වලටත් ආරාධනා ලැබුණා?

ඔව්, නාළිකා කිහිපයකින්ම අපිට ආරාධනා කළා. නමුත් අපි සහභාගී වුණේ තෝරාගත් කිහිපයකට පමණයි.

ලංකාවේ ඔබ කැමති ගායන ශිල්පීන් කවුද?

උමාරා සිංහවංශට සහ වින්ඩි ගුණතිලකට මම ගොඩක් කැමතියි.

මේ ගීතයට ඔබ සූදානම් වුණේ කොහොමද?

මේ ගීතය ලියන තැන ඉඳන් එළිදක්වන දවස වනතුරු මාස පහක් අපි මේ වෙනුවෙන් මහන්සි වුණා.

සංගීතය හදාරනවද?

ඔව්” මම හදාරන්නෙ බටහිර සංගීතය. මේ වන විට සංගීත ගුරුවරියක් යටතේ පෞද්ගලික ආයතනයක පියානෝ වාදනය හදාරනවා. දැන් Grwade 5 හදාරමින් ඉන්නෙ. ඊට අමතරව උමාරා සිංහවංශ මහත්මිය යටතේ වෝකල් ටේ්‍රනින් වෙනවා.

සංගීත භාණ්ඩ වාදනය කරන්නත් පුළුවන්?

ඔව්, මම වයස අවුරුදු දහයේ පටන් පියානෝ වාදනය ඉගෙන ගන්නවා.

තාත්තා වගේ ඔක්ටපෑඩය වාදනය කරන්න පුළුවන්ද?

මට තවම ඔක්ටපෑඩය වාදනය කරන්න බැහැ. තාත්තාගෙන් ඒක මට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියල හිතනව.

තාත්තා එක්ක එකතුවෙලා කොන්සර්ට් එකක් කරන්න අදහසක් තියෙනවද?

ඔව්, එහෙම අදහසක් තියෙනව. ඒත් තවම ඒකට කාල වේලාවක් නැති නිසා අපි ඉදිරියේදී බලමු.

මොකක්ද මාරියාගේ ඉදිරි සැළසුම?

මම දැනට මගේ අධ්‍යාපන කටයුතු කරගන්න වගේම උපාධිය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වැඩකටයුතුවලින් පස්සෙ සංගීතයට වැඩි ඉඩක් දෙන්න තමයි අදහස් කරන්නෙ.

උමාරා ටීච ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම උමාරා ටීච ගැන කියන්නම ඕනා. එතුමිය අපිට සංගීතය ගැන විතරක් නෙමෙයි” අපේ ජීවිතය ගැනත්” අනාගතය ගැනත් ගොඩක් දේවල් කියල දෙනව.

ක්‍රීඩාවලට කැමති නැද්ද?

ක්‍රීඩාවලට කැමතියි. ඒත් දැනට නම් ඒවාට සහභාගී වෙන්නෙ නැහැ. සංගීතයට උවමනා වෙන අභ්‍යාස තාත්තා කියල දෙනව.

අනාගතයේ ලංකාවෙන් යන්න අදහසක් තියෙනව කියන්නෙ ඇත්තද?

මම ආසයි ඇමරිකාව වගේ රටකට යන්න. ඒත් ඒක ස්ථිරවම දැන්ද කියන්නෙ නැහැ. සංගීතයටත් ආසාව තියෙන නිසා අදහස වෙනස් වෙන්නත් පුළුවන්. අපි බලමු ඉදිරියේදී.

අම්මා, තාත්තා සීමාවන් දාල තියෙනවද?

නැහැ. මම වැරදි දෙයක් කරන්නෙ නැහැ කියල එයාල දන්නව. නොදැනුවත්ව හරි එහෙම දෙයක් වෙනවනම් ඒ ගැන කියල දෙනව. ඒ හැරුණාම මම කැමති අකමැති දේවල් ගැන තීරණ ගන්න එයාල මට ඉඩ දීල තියෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment