බාලවයස්කාර දැරියට අතවර කළ අය දිවි නසා ගෙන

193

යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ පුද්ගලයෙකු බාල වයස්කාර පාසල් දැරියක් දූෂණය කොට පලා ගොස් සිටිය දී ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගිය අවස්ථාවේදී සැකකරු ගෙළ වැළලා ගෙන 11 දා මියගොස් තිබේ.

පොලිස් නිලධාරීන් ඔහු සැඟව සිටි ස්ථානයට පැමිණෙනු දුටු සැකකරු ඊට මදක් දුරින් පිහිටි ගසක අත්තක ගැට ගැසූ ලණුවක ආධාරයෙන් එල්ලී තිබේ.

පොලිස් නිලධාරීන් වහාම ලණුව කපා ඔහුව කරෙයිනගර් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව යාපනය ශීක්ණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු වන අතර දූෂණයට ලක් කළ දැරියද එම ප්‍රදේශයේම පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

කරෙයිනගර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment