‘නිල් මහ සටන’ට දින වෙන් කරයි

202

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්  අවස්ථා කිහිපයකදී කල් දමන්නට යෙදුණු කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ ‘නිල් මහ සටන’ තෙදින කි‍්‍රකට් තරගය නැවතත් පැවැත්වීම කෙරෙහි සංවිධායක කමිටුවේ අවධානය යොමු වී තිබේ. එ් අනුව 142 වැනි වරටත් පැවැත්වීමට නියමිත රාජකීය – තෝමස් නිල් මහ සටන මෙම මස 28, 29 සහ 30 වැනි දිනහිදී කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණ කර තිබේ.

නිල් මහ සටන කි‍්‍රකට් තරගය පළමුවෙන්  පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට දින වෙන්කර තිබුණද කොරෝනා තත්ත්වය හේතුවෙන් එය  පසුගිය මැයි මාසය දක්වා කල් දැමිණි. කෙසේ වෙතත් පසුගිය මැයි මාසය වනවිටදී රටේ පැවැති අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුකොටගෙන එය නැවත වතාවක් දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායක කමිටුව තීරණය කළේය. කෙසේ වෙතත් මෙවර තරගය රටේ පවතින සෞඛ්‍යාරක්ෂිත නීතිරීතිවලට යටත්ව පේ‍්‍රක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර තිබේ.

නිල් මහ සටන කි‍්‍රකට් තරගය ලෝකයේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව කි‍්‍රයාත්මක වූ කි‍්‍රකට් තරගය ලෙසින් හැඳින්වෙන අතර එය ඔස්ටේ‍්‍රලියාවේ සාන්ත පීතර විදුහල සහ පි‍්‍රන්ස් ඇල්ෆ‍්‍රඞ් විදුහල අතර පැවත්වෙන වාර්ෂික කි‍්‍රකට් තරගාවලියට පමණක් දෙවැනි වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment