දේශීය ටී 56 ගිනිඅවියක් පයාගලින් අල්ලයි

186

ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනිඅවියක් සමග ත‍්‍රීරෝද රථ රියදුරකු ඊයේ (23) පස්වරුවේ පයාගල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
පයාගල, මැහිමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ත‍්‍රීරෝද රථ රියදුරකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම මැහිමුල්ල හංදියේදී සැකකරු පරීක්ෂා කොට ඔහු සන්තකයේ තිබූ සෙන්ටිමීටර 20 ක් පමණ දිගැති ගිනිඅවිය සොයාගත් බවද පොලිසිය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment