කුඩම්මාගේ බෙල්ල කැපීමට ගිය මාර පුත‍්‍රයා අත්අඩංගුවට

419

දෙහිවල, කළුබෝවිල, ශ‍්‍රී මහා විහාර පාර නිවසක් තුළ කාන්තාවකගේ ගෙලකපා මාරාන්තික තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත්කළ පුතකු ඒ සඳහා රැුගෙන පැමිණි පිහියද සමග කොහුවල පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 අත්අඩංගුවට පත් සැකකරු ශ‍්‍රී මහා විහාර මාවත පදිංචි 26 වන වියේ පසුවන අයකු වන අතර මොහු මත්කුඩු පානයට ඇබ්බැහි වුවකු බවද පොලිසිය කියයි. මොහු සමග පියා හා දෙවන විවාහයේ කුඩම්මාද එකට එම නිවසේම පදිංචිව සිට ඇත.

 සැකකරුගේ පියා වෙනම කාමරයකත් පුතා හා කුඩම්මා වෙනම කාමරයකත් රාත‍්‍රිය ගත කර තිබේ.

 සිද්ධිය වූ දින රාත‍්‍රී කුඩම්මා මාව මරන්න හදනවෝ යනුවෙන් කෑ ගැසීම ඇසී පියා එම කාමරයට යන විටත් පුතා ඇයගේ ඇඟ උඩ නැග උල් පිහියකින් ගෙල කැපීමට උත්සාහ කරනු දැක ඔහුව ඇදදමා ඇත. ඒ වන විටත් ඇයගේ උදර ප‍්‍රදේශය කැපුම් සහිතව දරුණු ලෙස තුවාල සිදුවී තිබීම නිසා දකුණු කොළඔ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍යය තත්වයෙන් ප‍්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.

 සිද්ධියෙන් පසුව සැකකාර පුත‍්‍රයා වෙනත් නිවසක සැඟව සිටිය දී එම පිහියද සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 වැඩිදුර පරීක්ෂණ කටයුතු කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් හෙට්ටිහේවා මහතාගේ අධීක්ෂණය යටතේ කොහුවල පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එල්. ඒ. එස්. කේ. ලියනආරච්චි මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක නයනතාර, පොලිස් කොස්තාපල්වරුන් වන (72315* සම්පත්, (79033* සමන්, (81806* විජේනායක, (91409* ලක්මාල්, (93998* සම්පත්, (36413* චන්ද්‍රසිරි, කාන්තා පොලිස් කොස්තාපල් (10742* උක්වත්ත යන නිලධාරීන් විසින් සිදුකරයි.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment