ඔස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට

171

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ ඔස්ටේ්‍රලියාව සහ අයර්ලන්තය අතර ඊයේ (31 දා) පැවැති තරගයෙන් ලකුණු 42 ක පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැඟීමට ඔස්ටේ්‍රලියාවට හැකි වූයේය. ප්‍රසාද ලකුණු අතින් ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය දැන් සම මට්ටමේ (ප්‍රසාද ලකුණු 5) පසුවන අතර ශුද්ධ ලකුණු වේගය අතින් ඔස්ටේ්‍රලියාවට වඩා නවසීලන්තය ඉදිරියෙන් සිටී.

අයර්ලන්තය සමඟ ඊයේ පැවැති තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ්‍රලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 179 ක් ලබාගත් අතර අයර්ලන්තයට සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් ලකුණු 63 ක් ලබාගත් නායක ඇරොන් ෆින්ච් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් අතර අයර්ලන්තය වෙනුවෙන් ඉනිම අවසාන වනතෙක් සටන් කළ ලෝර්කන් ටකර් නොදැවී ලකුණු 71 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment