ගිනි අවි බලපත්‍ර අලුත් කරයි

271

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන විසින් 2024 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි (තුවක්කු) බලපත්‍ර අළුත් කිරීම 2023.10.01 දිනෙන් ආරම්භ වී 2023.12.31 දිනෙන් අවසන් කිරීමට තීරණය කර ඇති අතර, මේ පිළිබඳ තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත හැක. 2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම සිදු නොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. 2024/2025 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම 2023.10.01 සිට 2023.12.31 දක්වා සිදුකෙරෙන අතර, ඉන්පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment