සර්කස් කණ්ඩායමකින් පැන ගිය සිංහයකු නිසා ඉතාලියේ විරෝධතා

343

සර්කස් කණ්ඩායමකින් පැන ගත් සිංහයකු පැය පහක පමණ කාලයක් ඉතාලියේ වෙරළබඩ නගරයක නිදැල්ලේ ගමන් කිරීමේ සිදුවීමක් හේතුවෙන් සර්කස් වැනි විනෝදාශ්වාදය ලබා දීමේ කටයුතු සඳහා වන සතුන් යොදාගැනීම තහනම් කළ යුතු බව ඉල්ලමින් ඉතාලිය පුරා විරෝධතා මතුව තිබේ. ඉතාලියේ අගනුවර වන රෝමයට ආසන්නයේ පිහිටි ‘ලඩිස්පොලි’ වෙරළබඩ නගරයේ සර්කස් කණ්ඩායමකට අයත් සිංහයකු මෙසේ එම කණ්ඩායමෙන් පැන ගොස් ‘ලඩිස්පොලි’ නගරයේ මාර්ගවල ඇවිදිමින් සිටීම හේතුවෙන් සිය නිවෙස්වලට වී සිටින ලෙස නගරවාසීන්ට දැනුම් දීමට නගරයේ නගරාධිපතිවරයා විසින් ඉකුත් සෙනසුරාදා පියවර ගෙන තිබිණි.

පැය පහක පමණ කාලයක් මං මාවත්වල ඇවිදීමෙන් පසු ‘කිම්බා’ නමැති හිලෑ කරන ලද අට හැවිරිදි සිංහයා නිර්වින්දනය කර අල්ලා ගැනීමට පොලිසිය හා සර්කස් කණ්ඩායමේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. සිංහයා සර්කස් කණ්ඩායමට භාර දී ඇති අතර මෙම සිංහයා සර්කස් කණ්ඩායමෙන් පැන ගිය ආකාරය හෙළිවී නොමැත. මෙම සිංහයා නිදැල්ලේ මාර්ගවල ඇවිදින අයුරු නගරවැසියන් විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාලවල එම වීඩියෝ පට පළ කර තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment