ඩොලර් 199 ට ගල්අඟුරු දෙන්න තාමත් පුළුවන් – විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්

73

මේ වනවිටත් ගල්අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 199 ට ලබාදීමේ හැකියාව පවතින බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ගල්අඟුරු මෙටි්‍රක් එකක් ඩොලර් 130 කට ලබාදිය හැකි බව ගල්අඟුරු සැපයීමට ඉදිරිපත් වූ සමාගම ප්‍රකාශ කළ බවත් ඊට පසුව මෙටි්‍රක් ටොන් එකක් ඇ. ඩො. 199 ට ලබාදිය හැකි බවට එම සමාගම බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කළ ලිපි තමා සතුව ඇති බවත් ධම්මික මහතා කීය.

තමා කරන ප්‍රකාශවලට එරෙහිව එම පිරිසට අධිකරණයට යෑමේ හැකියාව ඇතත් අධිකරණය හමුවේ සත්‍ය හෙළි විය හැකි නිසා ඔවුන් එවැනි තත්ත්වයකට නොයන බව ඒ මහතා පැවසීය.

ක්‍ෂණික මිලදී ගැනීම් සඳහා ඉදිරිපත් වන ලෙස බලශක්ති අමාත්‍යාංශය ඉල්ලීම් කළ අවස්ථාවේ අදාළ සමාගම ඉදිරිපත් වූ අතර, ඒ ගැන අවධානයක් යොමු නොකළ බවත් රට ආර්ථික අර්බුදයක පවතී නම් අඩු මිලට ගල්අඟුරු ලබාදීමට ඉදිරිපත් සමාගමකින් ගල්අඟුරු ලබාගැනීම කළ යුතුව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment