සජබ නොයද්දී ෆවුසි තනියම එයි: ඉංග්‍රීසියෙන්ම කතා කරයි අනුරලාත් එති

442

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ එම විවාදය සඳහා ඉදිරිපත් නොවීමට සමගි ජන බලවේගය තීන්දු කර තිබුණ ද, එම පක්ෂයේ නව මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා ඊයේ (10) දින පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගි විය.

ඒ අනුව ෆවුසි මහතා ඊයේ දින පාර්ලිමේන්තුවට පැමිණ සිය ප්‍රථම කතාව ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කළේය.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වර්ජනය කරනු ලැබූ ජාතික ජන බලවේගය ද ඊයේ දින පාර්ලිමේන්තු විවාදයට එක්විය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය ඊයේ දින ද පාර්ලිමේන්තුව වර්ජනය කර තිබිණ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment