සරම්ප රෝගීන් 4 ක් නිසා වව්නියාව බන්ධනාගාරය 7 දා තෙක් වැසේ

75

සරම්ප වැළඳුණු රෝගීන් සිව්දෙනෙකු වාර්තාවීම නිසා වව්නියාව බන්ධනාගාරය ලබන 07 වැනිදා තෙක් තාවකාලිකව වසා දමා ඇත.

මේ හේතුවෙන් රැඳවියන් පිටතට රැගෙන යෑම, පිටත සිට රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන්ට අවස්ථාව ලබා නොදෙන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ‘දිවයින’ ට පැවසීය.

බන්ධනාගාරය තුළ රැඳවියන් 490 ක් සිටින බවත් බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් බන්ධනාගාරය තුළම රඳවා සිටින අතර ඔවුන්ට එන්නත් ලබාදීම සහ ආහාරපාන ඇතුළු පහසුකම් සැපයීමට කටයුතු කර තිබෙන බවත් ඒකනායක මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment