ධම්මික පෙරේරා 21දා මැතිසබයට – ඇමති ධුරයේ දිවුරුම් දීමටත් සූදානම්

488

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජුනි 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. මීළඟ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ජුනි 21 වැනිදාය.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කර තිබේ.

එසේම ඒ මහතා ඉදිරි දින කිහිපය තුළ තාක්‍ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස දිව්රුම් දීමට ද සූදානම්ව සිටින බව රජයේ ඉහළ පෙළේ ආරංචිමර්ග වලින් දියිනට වාර්තා වේ.

තාක්‍ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කරමින් ඉකුත් ජුනි 09දා විශේෂ ගැසට් ප්‍රතයක්ද නිකුත් විය.

ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා ලැයිස්තු ගත සමාගම්වල ඔහු දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් වූ අතර ඒ බව කොළඹ කොටස් හුවමාරුව වෙතද දැනුම් දී ඇත.

අදාළ අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු මෙරටට විදේශ ආයෝජන සහ විදේශීය විනිමය ආකර්ෂණය කර ගැනීමේ කටයුතුවල නිරත වීමට ඔහු අපේක්‍ෂාවෙන් සිටින බවද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දිවයිනට තවදුරටත් වාර්තාවේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment