ආණමඩුවේ වෙඩි තැබීම: අනතුරෙන් බැට කෑ යතුරුපැදිකරු අවියෙන් අන්තිමේ යුක්තිය පතලා

662

ආබාධිතව අසරණ වුණා ලැබුණේ ලක්ෂයක වන්දියක් විතරලු

ආණමඩුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තබා පලාගොස් සිටි පුද්ගලයා ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග ඊයේ (9 දා) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

තුවාලකරුගේ වම් බාහුවට බරපතළ හානි සිදුව ඇති බවත් ඔහු මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

ආණමඩුව, කට්ටෑව මාර්ගයේ සුසානභූමිය ආසන්නයේදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ 46 හැවිරිදි පුද්ගලයෙකි.

මීට මාස 5කට උඩදී අත්අඩංගුවට පත් සැකකරු තම බිරිඳ හා දරුවා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී තුවාල ලබා සිටින පුද්ගලයා විසින් පදවන ජීප් රථයට හැපී තිබේ. ඔහු ඒ අවස්ථාවේ බීමතින් සිට තිබේ.

මෙම අනතුරින් සැකකරු, බිරිඳ හා දරුවා ආබාධිත තත්ත්වයට පත්ව ඇත. අනතුරින් දරුවාගේ වගුගඩුවක ද ප්‍රශ්නයක් මතුව ඇත.

සැකකරු හට වූ අසාධාරණයට රුපියල් ලක්‍ෂ 5 ක වන්දියක් ද ඉල්ලා උසාවියේ නඩුවක් පැවරුවද තුවාලකරු විසින් ලබාදී ඇත්තේ ලක්‍ෂයක මුදලකි. මේ තත්ත්වය තුළ කිසිවක් කර කියාගත නොහැකිවීම හේතුවෙන් කෝපයට පත්ව සිටි ඔහු මෙලෙස වෙඩි තබා ඇතැයි හෙළිවූ බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය කියයි. ආණමාඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. එන්. සිරිමෙවන් මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, මහවැව-අමරනන්ද විජේසේකර

advertistmentadvertistment
advertistmentadvertistment