‘ලස්සන වෙරළ’ වැඩසටහන ඇරැඹේ

80

මධ්‍යම පරිසර අධිකාරියේ මගපෙන්වීමෙන් ස්ථාපිත මෙල්ටින් පොයින්ට් (Melting Point) ඇළුමිනියම් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සහ වන අරණ සංවිධානය එක්ව සිදුකරන කොළඹ වෙරළ පිරිසිදු කිරීම සඳහා දියත් කළ “ලස්සන වෙරළ” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පසුගිය 04 වැනිදා ගල්කිස්ස වෙරළ තීරයෙදී පවත්වන ලදී .ගල්කිස්ස සිට කොළඹ වරාය නගරය දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීම සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා කොළඹ වරාය නගරය, පරිසර පොලීසිය, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සහයෝගය ලබාදෙයි.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහදපුර, ලයන් බෲවරි ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි රජීව් මීවක්කල, වන අරණ සංවිධානයේ සභාපති සංජක ප්‍රසාද් දොලේවත්ත සහ එම සංවිධානයේ ලේකම් තුෂාර වනසිංහ ඇතුළු මහත්ම මහත්මීහු රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment