ඕමාන් ඩුබායි ලන්ඩන් ප‍්‍රසංග සඳහා යොහානිට ආරාධනා

1216

ජනපි‍්‍රය ගායිකා යොනාහි ද සිල්වා පෙරේදා හයිද්‍රාබාද්හි පැවැත්වූ සංගීත ප‍්‍රසංගය ඉතා සාර්ථක අන්දමින් අවසන් විය. මෙහිදී ඇගේ මැණිකේ මගේ හිතේ ගීතය සඳහා නොම`ද පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයක් ලැබෙන අයුරු දැකගත හැකිවිය.

මීට පෙර ඇය පසුගිය 30 වැනිදා ගුප්ගොන්හිදී ප‍්‍රසංගයක් පැවැත්වූවාය.

යොහානි සමඟ මේ සංදර්ශන සඳහා ඇගේ ‘ලූනු’ සංගීත කණ්ඩායම සහභාගි විය. මෙම සංචාරයේදී ඇය ඉන්දීය රූපවාහිනි නාලිකා රැුසක් මෙන්ම පුවත්පත් කිහිපයකට සම්මුඛ සාකච්ඡුා ලබාදී තිබිණි. ඉදිරියේදී යොහානි ඕමාන් ඩුබායි ලන්ඩනයේ හා මාලදිවයිනේදී ප‍්‍රසංග පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇගේ කෙල්ල ඇල්බමයේ පළවූ ගීතය ලබන 09 වැනිදා නිකුත් කිරීමට නියමිතය. යොහානි සමඟ සාකච්ඡුාවක් පවත්වා ඇති තෙලන්ගානා ටුඬේ පුවත්පත ප‍්‍රකාශ කරන්නේ වික‍්‍රමාන්විත ජීවිතයක් ගතකරන මේ ගායිකාවගේ ගීතය අසා නැති අයෙක් වෙත්නම් ඔහු ගල්ලෙනක වෙසෙන්නෙක් පමණක්ම වන බවයි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment