පැන්ඩෝරා පේපර්වලින් ලොව කළු සල්ලි හිමිකරුවන්ගේ නම් එළියට – නිරූපමා සහ සැමියාගේ නමත් – ලොව සුපිරි ක‍්‍රීඩකයෝ සහ රාජ්‍ය නායකයෝත් ඒ අතර

839

ලොව කළු සල්ලි හිමි හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් රජවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 300 කගේ තොරතුරු ‘‘පැන්ඩෝරා පේපර් නැමැති ලියැවිලිවලින් අනාවරණය වී ඇත.

ශ‍්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි නිරූපමා රාජපක්‍ෂ සහ ඇගේ සැමියා වූ තිරු නඬේෂන් ද එම ලියැවිලිවල සඳහන් වී තිබේ.

රුසියාවේ ජනපති පුටින්, ජෝර්දාන් රජු, හිටපු බි‍්‍රතාන්‍ය අගමැති සහ පාකිස්තාන් අගමැති හුම්රාන් ඛාන්ගේ කැබිනට් ඇමැතිවරුන්ද ඒ අතර වෙති.

කළු සල්ලි හිමියන් සම්බන්ධ රහස් ලියැවිලි මිලියන 119 කින් මෙම තොරතුරු හෙළි වී ඇත. පැන්ඩෝරා රහස් ලියැවිලිවල දක්වා ඇත්තේ රටවල් 90 ක දේශපාලකයන් 336 ක් සතුව අති විශාල ධනස් කන්ධයක් ඇති බවයි. මෙම මුදල් තැන්පත් කර ඇත්තේ වෙරළින් පිටත සමාගම්වලය.

කීර්ති වර්ණකුලසූරිය


 

advertistmentadvertistment
advertistmentadvertistment