එල් බී ෆිනෑන්ස් විනෝදාස්වාදය පිරි Fashion & Finance Fiesta ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරයි

0

එල් බී ෆිනෑන්ස් හි නව්‍යකරණය වූ LB CIM යෙදවුම ඇඟලු‍ම් ක්ෂේත්‍රය හා ඒකාබද්ධ කරමින් විනෝදාස්වාදය පිරි ”˜‍Fashion & Finance Fiesta ”‍ ප්‍රවර්ධන වැඩසටහන් පවත්වයි

දිවයිනේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන එල් බී ෆිනෑන්ස් සමාගම පෙබරවාරි 12 සිට 26 දක්වා සති දෙකක කාලයක් ඇඟලු‍ම් කර්මාන්තශාලා වල පැවැත්වූ ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක ලෙස අවසන් කරන ලදී.

ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක් සමඟ සහයෝගයෙන් පැවති මෙම විනෝදාත්මක වැඩසටහන, ගෞරවනීය ඇඟලු‍ම් සන්නාම වන NEXT කටුනායක, Brandix අවිස්සවෙල්ල, CCL කටුවැල්ලේගම, Ru Salu කටාන, CCK කළගෙඩිහේන, JJC5 අවිස්සාවේල්ල, Concord ඉඹුලාන යන කර්මාන්ත ශාලා වල පැවති අතර එහිදි නව්‍ය මූල්‍ය විසඳුම් පිළිබඳ දැනුම්වත් කෙරිණි.

ප්‍රවර්ධන කාල සීමව තුළ ඇඟලු‍ම් අලෙවිසැල් උද්වේගකර මධ්‍යස්ථාන ලෙස විචිත්‍රවත් කිරීමට එල් බී ෆිනෑන්ස් කටයුතු කළේය. සජීවි ඉදිරිපත් කිරීම් හා විනෝදාත්මක ක්‍රියාකාරකම් සපිරුණු මෙම වැඩසටහන සමඟින් ඇඟලු‍ම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් ඉතා උනන්දුවෙන් සම්බන්ද විය. එලෙස සම්බන්ධ වූ අය වෙනුවෙන් එල් බී ෆිනෑන්ස් අනුග්‍රහයෙන් ත්‍යාග ලබා දුන් අතර එය මෙම වැඩසටහනේ සුවිශේෂි අවස්තාවක් මෙන් ම මෙම අත්දැකීම වඩා ප්‍රීතිමත් බවට පත් කිරීමට ද හේතු විය.

ජංගම දුරකතන මඟින් වඩා ආරක්ෂාකාරීව මුදල් ගනුදෙනු සිදු කිරීම සඳහා එල් බී ෆිනෑන්ස් හඳුන්වාදී ඇති එල් බී CIM යෙදවුම අති නවීන ජංගම මුදල් පසුම්බියක් වන අතර එය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ කාර්යක් විය. සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් මෙම CIM යෙදවුම භාවිත කළ හැකි වීම පාරිභෝගික තෘප්තිය කෙරෙහි එල් බි ෆිනෑන්ස් හී කැපවීම පිළිබිඹු කරයි.

Lanka QR මඟින් ගෙවීම් හා CIM Merchant වෙත ගෙවීම්, LB CIM යෙදවුම හරහා ඉතා පහසුවෙන් සිදු කළ හැක. දුරකතන අංකය භාවිත කර මුදල් යැවීම් හා මුදල් ගෙන්වා ගැනීම්ද කළ හැක. එමෙන්ම රීලෝඩ් කිරීමට, බිල්පත් ගෙවීමට, ඕනෑම බැංකු ගිණුමක් සමඟ මුදල් හුවමාරු කිරීමට, ඔබේ ඕනෑම් බැංකු ගිණුමක් හා සම්බන්ධවෙමින් ඩිජිටල් පසුම්බියේ ශේෂය ඉහළ නැංවීමට සහ ඩිජිටල් පුද්ගලික ණය පහසුකම් ඉල්ලීම් ද CIM යෙදවුම මඟින් පහසුවෙන් සිදු කළ හැක.

මෙම වැඩසටහනේ සාර්ථකත්වය ගැන අදහස් දැක්වූ එල් බී ෆිනෑන්ස් හි අලෙවි ප්‍රධානී, සුදීප් පෙරේරා මහතා, ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වීම, අපගේ පහසු මූල්‍ය විසඳුම්, විලාසිතා සමඟ මුසු කිරීමට ලැබුණු සුවිශේෂි අවස්තාවක්. අපි විශේෂයෙන් සතුටුවනවා අපගේ CIM App වෙත ලැබෙන ධනාත්මක ප්‍රතිචාර පිළිබඳව. පාරිභෝගිකයන් වෙත නව්‍ය මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා වු අපගේ කැපවීම මෙම ප්‍රවර්ධන වැඩසටහනෙන් මනාවට පිළිබිඹු වුණා යැයි කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment