යූසුෆ් කුසලාන පාපන්දු කිරුළ සෝන්ඩර්ස් පිලට

44

සිටි පාපන්දු ලීගය තෙවැනි වරටත් සංචිධානය කළ ‘යූසුෆ් කුසලාන’ 19න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සෝන්ඩර්ස් පිල සමත් වූයේය.

කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර පැවැති අවසන් මහා තරගයේදී ගෝල් 1-0ක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගනිමින් සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ එම කිරුළට හිමිකම් කීහ.

කොළඹ සිටි ලීග් පිටියේදී එම අවසන් මහා තරගය පැවැත්වුණු අතර ශූරතාව දිනාගත් සොන්ඩර්ස් කණ්ඩායමට රුපියල් ලක්ෂ 1.5ක් හා අනුශූරතාව දිනාගත් කොළඹ පාපන්දු සමාජයට රුපියල් ලක්ෂයක තෑගි මුදල් හා කුසලාන පිරිනැමිණි.

තරගාවලියේ දක්ෂතම ගෝල් කීපර් ලෙස සෝන්ඩර්ස් පිලේ පී. කිෂෝර් සම්මානයට පාත්‍ර වූ අතර, වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ පාපන්දු සමාජයේ උමාර් සකීල් දිනා ගත්තේය.

සෝන්ඩර්ස් ක්‍රීඩක මොහොමඩ් මුෆාසල් තරගයේ 24 වැනි මිනිත්තුවේදී මොහොමඩ් ගෝලයක් වාර්තා කළ අතර, අනතුරුව දෙපිලටම ගෝල් වාර්තා කිරීමට නොහැකි විය.

අවසන් පූර්ව වටයේදී පසුගිය වසර දෙකේදීම ශූරතාව දිනාගත් ජාවාලේන් පිල ගෝල් 4-0කින් සෝන්ඩර්ස් හමුවේ පරාජයට පත්වූ අතර, කොළඹ පාපන්දු සමාජය ගෝල් 6-1කින් වික්ටරි පිල පරාජය කළේය.

සෝන්ඩර්ස් පිලේ නායක රාජපක්ෂ වෙත ජයග්‍රාහී කුසලානය

එක්ස්පෝ ලංකා විධායක අධ්‍යක්ෂ හනීෆ් යූසුප් මහතා පිරිනැමූ අයුරු. ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමර්, පාපන්දු හිටපු උප සභාපති කේ. පී. පී. පතිරණ හා සිටිලීග් සභාපති ආර්. පුවනේන්ද්‍රන් යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment