ඔස්ට්‍රේ‍ලියාව 2-0 කින් නවසීලන්තය පරදවයි

50

නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කර දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (11වැනිදා) සමත් වූයේය.

ක්‍රයිස්චර්ච්හි පැවැති තරගය ජය ගැනීම සඳහා දෙවැනි ඉනිමේ දී ලකුණු 279 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ කඩුලු පහක් ලකුණු 80 කට දැවී තිබියදී 6 වැනි කඩුල්ල සඳහා මිචෙල් මාෂ් හා ඇලෙක්ස් කෙරී ලකුණු 140 (174) ක සම්බන්ධතාවක් පිහිටුවමින් ඔස්ටේ්‍රලියාවට ජයග්‍රාහී මාවත විවර කර දුන්හ.

මාෂ් ලකුණු 80 කට දැවී ගිය අතර යළි 8 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට නායක පැට් කමින්ස් සහ ඇලෙක්ස් කේරි දෙදෙනා සමත් වූහ.

ඇලේක්ස් කෙරී නොදැවී ලකුණු 98 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්තයේ මැට් හෙන්රි ට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment