ශ්‍රී ලංකාව කාන්තා සාෆ් කුසලාන තරගාවලියට

87

දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය (සාෆ්) සඳහා ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතය.

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ කාන්තා ජාත්‍යන්තර තරගාවලිය ලෙස පැවැත්වෙන එම තරගාවලිය ලබන ඔක්තෝබර්/නොවැම්බර් මාසවල බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමිත බව තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ භූතානය ද මෙම තරගාවලියට සහභාගි වීමට කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

පසුගියදා පැවැති FIFA තහනමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය මෙය වේ.

FIFA අත්හිටුවීම හේතුවෙන්, ශ්‍රී ලංකාවට 2023 ඉන්දියාවේ පැවති SAFF පිරිමි ශූරතාවලිය අහිමි විය.

මේ අතර සාෆ් කුසලාන කාන්තා ජාත්‍යන්තර ශූරතාවලිය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ජාතික සංචිත තේරීම් ජූලි මස මුල් සතියේ සිට දිස්ත්‍රික් මට්ටමින් සහ කාන්තා ලීග් තරගාවලිය හරහා ආරම්භ කරනු ඇත.
SAFF කුසලාන කාන්තා ජාත්‍යන්තර ශූරතාවලියේ ජාතික සංචිත පුහුණුව සැප්තැම්බර් මුල් සතියේ ආරම්භ වේ.

නවතම FIFA ලෝක ශ්‍රේණිගත කිරීම් යටතේ 157 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව 2012, 2014 සහ 2019 වසරවලදී අවසන් පූර්ව වටයට පැමිණීමට සමත් වූ අතර, මීට පෙර පැවැති තරගාවලි හයටම සහභාගි වී ඇත.

2022 වසරේ නේපාලයේ කත්මන්ඩු නුවර පැවැති අවසන් මහා තරගයේදී නේපාලය ගෝල 3-1ක් ලෙස පරාජය කරමින් බංග්ලාදේශය සිය මංගල ශූරතාව දිනා ගත්තේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment