ලිට්‍රෝ ලාභයෙන් බිලියන 3ක් රජයට – සභාපති කියයි

81

ලිට්‍රෝ සමාගම 2023 වර්ෂයේ ලැබූ ලාභාංශවලින් රුපියල් බිලියන 3ක් රජයට ගෙවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (26 දා) පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ලිට්‍රෝ සමාගම හැටියට අපි නැවත වතාවක් 2023 වර්ෂයේ ලාභාංශ විදිහට රුපියල් බිලියන 3ක් ගෙවන්න තීරණය කළා. ඒ අනුව රජයට අපි රුපියල් බිලියන 3 ක මුදලක් ලාභාංශ විදිහට ගෙවනවා.

මම මේ සමාගමේ වැඩ භාරගන්න කොට අවුරුද්දකට එකහමාරකට උඩදී රුපියල් බිලියන 14 ක විතර පාඩුවක් වෙලා තිබුණා. ඒ එක්කම රුපියල් බිලියන 10 කට ආසන්න ගාණක් ණය වශයෙන් තිබුණා. අපිට පුළුවන් වුණා ණය පියවගන්න අතරම යම්කිසි සහනදායී තැනක මිල පරාසයන් තබාගන්නා අතරම ණයත් ගෙවලා ඉවර කරන්න. පාඩුව පියවන්න. ඒ එක්කම බිලියන 7 ක් විතර ලාභයක් ලිට්‍රෝ සමාගම හැටියට ලබන්නත් පුළුවන් වුණා.

කොයි තරම් අභියෝග තිබුණත් ‘ලිට්‍රෝ ගෑස් ඉතිහාසයේ වැඩිම ලාභය ලබපු වර්ෂය විදිහට තමයි 2023 සනිටුහන් වෙන්නේ.

ලිට්‍රෝ ලාභයෙන් බිලියන 3ක් රජයට - සභාපති කියයි
ලිට්‍රෝ සමාගමෙන් තවත් බිලියන 1.5 ක් මහා භණ්ඩාගාරයට ලබාදීමට අදාළ චෙක්පත සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ජනාධිපති ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාට භාරදුන් අයුරු. රත්නායක මහතා එම චෙක්පත ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි ශ්‍රියාණි කුලසිංහ මහත්මිය වෙත අනතුරුව භාර දුන්නේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment