නවක වධය සීඅයිඩිය අතට

113

නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි පීඩාවට ලක් කරමින් විශ්වවිද්‍යාලවල සිදු කරන නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩි) වෙත භාරදීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට වාර්තාවන සියලු නවක වධ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ළඟම ඇති පොලිසියට සිදු කිරීමට හැකි අතර එම පැමිණිලි විභාග කිරීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ඇත.

මේ අතර නවක වධ සිද්ධීන් සම්බන්ධව සියලු තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත 118 – 119 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටියි.

සංවිධානාත්මක පිරිස් විසින් විශ්වවිද්‍යාල තුළ ඉතාම රහසිගත ආකාරයට නවක වධ සිද්ධීන් රැසක් සිදුවන බව විශ්වවිද්‍යාල ආරංචිමාර්ග පවසයි.

මේ ආකාරයට විශ්වවිද්‍යාල තුළ නවක වධය ලබාදීම දිනෙන් දිනම ඉහළ යෑම නිසා දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට මැලිකමක් සහ දැඩි බියක් දක්වන බවද වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment