මහජන බැංකුවේ මහනුවර සහ කුරුණෑගල අපනයන කේන්ද්‍රයන් (Export Hub) මහනුවර ශාඛාවේදි සහ කුරුණෑගල ශාඛාවේදි විවෘත කිරිම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට එකම වහලක් යට සියලු පහසුකම් සැලසීම සඳහා අපනයන කේන්ද්‍ර (Export Hub) සංකල්පය හඳුන්වා දුන් අතර, දිවයින පුරා ප්‍රාදේශික 7ක පිහිටි ශාඛා 7ක මෙම අපනයන කේන්ද්‍රයන් පිහිටුවනු ලැබේ. මේ තුළින් විශේෂ පොලී අනුපාත යටතේ ණය පහසුකම්, අපනයන බැංකු පහසුකම්, ඇපකර පහසුකම්, උපදේශන සේවා, පරිපූරක සේවා සහ අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහාම නිර්මාණය කර ඇති ඩිජිටල් බැංකු පහසුකම් (ආයතනික අන්තර්ජාල බැංකුකරණය) ඇතුළුව පූර්ණ මුල්‍ය විසඳුම් පිරිනැමීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන, සහකාර සාමාන්‍යාධිකාරි (ආයතනික බැංකු සම්බන්ධතා 11) රොහාන් පෙරේරා යන මහත්වරුන්, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, කෑගල්ල, ත්‍රිකුණාමලය සහ වන්නි ප්‍රාදේශීය කළමනාකරුවන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment