එළවළු මිල තවත් වැඩි වෙනවා – නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති

124

මිල තීරණය කරන්නේ ගොවීන් මිස අප නොවේ

“නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම් හා වර්තමාන තත්ත්වය හමුවේ ඉදිරියේදී එළවළු මිල තවත් වැඩි වෙනවා. මැයි මාසයෙන් පසුව එළවළු විකුණා

ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවේවි” යැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් කියා සිටියේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ (18 දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙහිදී අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමානයේ එළවළු මිල තීරණය කරන්නේ ආර්ථික මධ්‍යස්ථානයෙන් නොවේ. ගොවීන් පවසන මිලට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් විසින් එලවළු මිල දි ගන්නා බවයි.

මිල ඉහළ ගිය සෑම එළවළුවක්ම ගොවින් බොහෝ පිරිසක් දැන් වගා කිරීමට පටන්ගෙන ඇති බවත්, එසේ වගා කරනු ලබන්නේ එකම එළවළු වර්ග කිහිපයක් නිසා ඉදිරියේදී එම එළවළු කිලෝවක් රුපියල් විස්සකටවත් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment