බාල බෙහෙත්වලට ඇස් අන්ධවූවෙක් කෙහෙළිය ඇතුළු පිරිසගෙන් මිලියන 100ක වන්දි ඉල්ලයි

1

අක්‍ෂි ශල්‍යකර්මයක් සඳහා මහනුවර මහ රෝහලේදී භාවිත කළ ප්‍රෙඩි්‍රස්ලෝන් නමැති දියර ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව දෑස් සම්පූර්ණයෙන්ම අන්ධ වූ රෝගියෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඖෂධ නියාමන අධිකාරිය, එකී දියර ඖෂධය සැපයූ සමාගම, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නව දෙනකුගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තර වාසි යවා තිබේ.

“ඉන්වික්ටස් ලෝ” නීතිඥ සමාගමේ කන්දපොල කොන්දකොඩියවත්ත ප්‍රදේශයේ පදිංචි මැකරි රාජරත්නම් මහතා වෙනුවෙන් එම එන්තර වාසි යවා ඇත.

ඉදිරි දින 14 ඇතුළත සිය සේවාදායකයා ඉල්ලා සිටින වන්දිය ගෙවීමට අපොහොසත් වුවහොත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හා ඊට එරෙහිව සියලුම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද එම එන්තර වාසි මගින් දන්වා ඇත.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි 2023.4.5 වැනිදා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් වූ බවත් එහිදී එකී දියර ඖෂධය දෑස්වලට දැමීමෙන් පසුව විවිධ අතුරු ආබාධ ඇතිවූ බවත්, මාසයක කාලයක් ගතවීමටත් පෙර සිය දෑස් සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්වූ බවත් එම එන්තර වාසි මගින් කියා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment