සමගි ජන සන්ධානයට පළමු පියවර තැබෙයි

199

සමගි ජන සන්ධානය ගොඩනැඟීමේ පළමු පියවර ඊයේ (05දා) සුබ මොහොතින් දියත් කෙරිණි. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගය නියෝජනය කරමින් ද මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පිරිසක් නිදහස ජනතා සභාව නියෝජනය කරමින් ද ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ගිවිසුමට අත්සන් තැබුණු මොහොතට එක්වූ ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, ආචාර්ය නාලක ගොඩහේවා, උපුල් ගලප්පත්ති සහ කේ. පී. එස්. කුමාරසිරි යන මහත්වරු ද ගිවිසුමට අත්සන් තැබීමට එක්ව සිටියහ. විපක්‍ෂ නායකවරයා සමග සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එම පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප හා සටහන – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment