පාසල් රග්බි වසන්තය අරඹමින් 19 න් පහළ රග්බි තරගාවලිය එයි

107

ප්‍රධාන පාසල් කීපයක් නැහැ

මෙම වසර සඳහා දේශීය පාසල් රග්බි පිටියේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික Elite Rugby 7 තරගාවලිය අප්‍රේල් මස 20 සහ 21 යන දිනවල දී පැවැත්වීමට නියමිතය.

රාජකීය විද්‍යාලය ක්‍රීඩා සංකීර්ණයේ දී මෙවර තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත.

තරගාවලිය සඳහා පාසල් 19ක සහභාගීත්වය තහවුරු කර ඇති අතර, එහි දී එම පාසල් මූලික වටයේ දී කාණ්ඩ 8ක් යටතේ තරග වැදීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා සාන්ත තෝමස්, ත්‍රිත්ව, ඩී.එස්. කිංග්ස්වුඩ්, සහිරා, සාන්ත අන්තෝනි, සාන්ත ජෝසප් සහ සාන්ත සිල්වෙස්තර වැනි ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක් ම සහභාගි නොවේ.

අදාළ කාණ්ඩයන් යටතේ තරගාවලිය සඳහා ඉදිරිපත් වන පාසල් මෙසේය.

A – ඉසිපතන විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

B – මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, සුමංගල විද්‍යාලය

C – ධර්මරාජ විද්‍යාලය, ආනන්ද විද්‍යාලය

D – රාජකීය විද්‍යාලය, කේරි විද්‍යාලය, නාලන්දා විද්‍යාලය

E – විද්‍යා විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය

F – පිළියන්දල මධ්‍ය විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය, සිරි පියරතන විද්‍යාලය

G – විද්‍යාර්ථ විද්‍යාලය, රාහුල විද්‍යාලය

H – සාන්ත පීතර විද්‍යාලය, මලියදේව විද්‍යාලය

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment