රුසියාවේ යුද ජය සගවන විපක්ෂ නායකගේ මරණය

441

එහෙත් දැන් කතා කරන්නේ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ මරණය පිළිබඳවයි. මෙය අභිරහස් මරණයක් බව බටහිර මාධ්‍ය පුන පුනා කියයි. පසුගිය බ්‍රහස්පතින්දා ආක්ටික් සර්කල්හි පිහිටි බන්ධනාගාරයක් තුළදී හොඳ සනීප තත්ත්වයෙන් යුතුව සිය නඩු විභාගයක් වෙනුවෙන් සූම් හරහා පෙනී සිටි ඔහු පසුවදා මරණයට පත්ව ඇති බව ආරංචි විය.

වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින් 2023 ජුනි මාසයේදී පුටින්ගේ ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ අතර එය පැය 24 න් නිමාවිය. ප්‍රිගෝෂින් ජූනි 23 සහ 24 දිනවල යුක්‍රේනයෙන් තම හමුදා ඉවත් කරගෙන දකුණු දිග රුසියානු නගරයක් වන රොස්ටොව් ප්‍රදේශයේ බලය අත්පත් කර ගනිමින්, මොස්කව් වෙත ගමන් කරන බවට තර්ජනය කර තිබිණි. රුසියානු ජනපතිවරයා මේ කැරැල්ල පාවාදීමක් සහ පිටුපසට පිහියකින් ඇනීමක් ලෙස ප්‍රකාශ කර තිබිණි. යෙව්ජීනි ප්‍රිගෝෂින් කාලයක් ජනපති පුටින්ට හිතවත්ම පිරිස අතර සිටි අතර කාලයක් ඔහුගේ ඔහුගේ කෝකියා විය. නමුත් බලවත් ජනපති තරහකර ගැනීම ඔහුගේ යහපතට නොව අයහපතට හේතුවිය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පුද්ගලයන් 10 දෙනකු මරණයට පත් කරමින් රුසියාවේදී කඩා වැටුණු ජෙට් යානයේ සිටි ගුවන් මගීන්ගේ ලැයිස්තුවේ වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින්ගේ නම ද සඳහන් විය. ඒ අනුව කොකියාගේ කතාවද අභිරහසක් ඉතිරි කරමින් අවසන් විය. සිය පැරණි හිතවතාගේ මරණයෙන් පසු ජනපති පුටින් නිවේදනය කර තිබුණේ ගුවන් අනතුරකින් මරණයට පත්වූ වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින් ‘ජීවිතයේ බරපතළ වැරදි සිදු කළ දක්ෂ ව්‍යාපාරිකයකු’ බවයි. වාග්නර් ප්‍රධානියාගේ මරණයෙන් පසු ඇමෙරිකානු බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් අදහස් දක්වමින් පවසා තිබුණේ පළිගැනීම යනු පුටින් සීතලට පිරිනැමීමට කැමති කෑමක් වන අතර එය එම බලපෑම ප්‍රකාශ කරන වචන ලෙස අර්ථ දැක්විය හැකි බව ය. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ, ප්‍රිගොෂින්ගේ මරණය පිළිබඳ පුවත ගැන තමා “පුදුමයට පත් නොවන” බවයි.

රුසියාවේ යුද ජය සගවන විපක්ෂ නායකගේ මරණය

රුසියාවේ ව්ලදිමීර් පුටින් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක් කළ විරුද්ධ පක්ෂ නායකයකු වන බොරිස් නෙම්ත්සොව් නම් ප්‍රමුඛ පෙළේ විවේචකයා මරා දැමීම පිළිබඳව වාර්තා වූයේ 2015 වසරේ පෙබරවාරි මාසයේය. මොස්කව් නුවර, ක්‍රෙම්ලිනයට නුදුරු වීදියක දීයි නෙම්ත්සොව්ට වෙඩි තබා මරා දමා තිබිණි. මරා දමනු ලැබීමට පෙර රුසියානු ගුවන් විදුලියේ සාකච්ඡාවකට සහභාගි වෙමින් නෙම්ත්සොව් යුක්රේනය සම්බන්ධව රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය විවේචනය කර තිබිණි. මෙම සාහසික මරණය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ඉල්ලා තිබුණු බව ඒ දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල පලවී තිබිණි. නමුත් පරීක්ෂණ කළ කිසිවෙක් නොවීය. බොරිස් නෙම්ත්සොව් ඉතිහාසයට එක්විය.

එහෙත් දැන් කතා කරන්නේ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නිගේ මරණය පිළිබඳවයි. මෙය අභිරහස් මරණයක් බව බටහිර මාධ්‍ය පුන පුනා කියයි. පසුගිය බ්‍රහස්පතින්දා ආක්ටික් සර්කල්හි පිහිටි බන්ධනාගාරයක් තුළදී හොඳ සනීප තත්ත්වයෙන් යුතුව සිය නඩු විභාගයක් වෙනුවෙන් සූම් හරහා පෙනී සිටි ඔහු පසුවදා මරණයට පත්ව ඇති බව ආරංචි විය.

පසුගිය වසරේ අග භාගයේදී, රුසියාවේ දුෂ්කරම බන්ධනාගාරවලින් එකක් ලෙස සැලකෙන ආක්ටික්හි දණ්ඩන ජනපදයක් වෙත ඔහු රැගෙන ගොස් තිබිණි. පසුගිය සිකුරාදා දිනයේ යමාලෝ-නෙනෙට් දිස්ත්‍රික්කයේ බන්ධනාගාර අධිකාරිය නිවේදනය කර තිබුණේ “සිරකරු මියගිය බව වෛද්‍යවරුන් ප්‍රකාශයට පත් කළා. මරණයට හේතුව විමර්ශනය කරමින් සිටිනවා.” ඒ සිරකරු වන්නේ ජනපති පුටින්ගේ ප්‍රබල විවේචක ඇලෙක්සෙයි නවාල්නි වේ. මේ අතර බන්ධනාගාරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වූ යූලියා නෙවල්නායා මියුනිච්හි පසුගිය සිකුරාදා දිනයේ පැවති ආරක්ෂක සමුළුවකදී ප්‍රකාශ කර තිබිණි. රුසියානු පාලනයට විරුද්ධව සටන් කිරීමට එකතු වන ලෙසද ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එහිදී ඇය ඉල්ලීමක් කර තිබේ. රුසියානු රජයේ මූලාශ්‍රවලින් ලැබෙන ආකාරයෙන් සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් වූ ශෝකජනක පුවත විශ්වාස කළ යුතු දැයි තමන් නොදන්නා බව එම සමුළුවේදී නෙවල්නායා පවසා තිබිණි. මරණයට පත්වූ විපක්ෂ නායකයාගේ නීතිඥ ලියෝනිඩ් සොලොවියොෆ් රුසියානු මාධ්‍ය වෙත පවසා තිබුණේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව ය. කෙසේ වෙතත්, ඇලෙක්සෙයි නවාල්නිගේ සමීපතම සහයකයකු සමාජ මාධ්‍යයේ ලියා තිබුණේ: “රුසියානු බලධාරීන් ඔවුන් විසින් බන්ධනාගාරය තුළදී ඇලෙක්සෙයි නවාල්නි ඝාතනය කළ බවට පාපොච්ඡාරණයක් ප්‍රකාශයට පත් කර තිබේ. එය තහවුරු කිරීමට හෝ සත්‍ය නොවන බව ඔප්පු කිරීමට අපට ක්‍රමයක් නොමැත.”

ක්‍රෙම්ලින් පාලනයට කිට්ටු සම්බන්ධතාවක් ඇති රුසියාවේ ඉහළ බලධාරීන් ඉලක්ක කර ගනිමින් ගෙන යනු ලැබූ දූෂණ විරෝධී ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ අලෙක්සේයි නවාන්ලි විසිනි. ඔහු මේ ප්‍රහාර කෙලින්ම එල්ල කළේ ජනපති පුටින්ට එරෙහිවය. 2017 ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කළ විපක්ෂ නායකයා විරෝධතාව අතරවාරයේ පොලිස් අත්අඩංගුවට පත්විය. කිහිප විටක්ම අත්අඩංගුවට පත්ව සිරගතව සිටි 2020 වසරේ වස ශරීරගතව රෝගී විය. මොහුට වස දුන්නේ රුසියානු බුද්ධි අංශ බවට චෝදනා එල්ල විය. මේ නිසා ඔහු ජර්මනියට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දීමට එවක ජර්මන් නායිකා ඇන්ජලා මර්කල් කටයුතු කළ අතර සුවය ලැබීමෙන් පසුව මොහු නැවත 2021දී රුසියාවට පැමිණියේය. පැමිණි දිනයේ ගුවන් යානයෙන් ගොඩබසින විටම මේ විපක්ෂ නායකයා අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහුට වසර 19ක සිරදඬුවම් නියම විය. පුටින්ගේ දේශපාලන පක්ෂය මැරවරයන් අරක්ගත් පක්ෂයක් බව කියූ ඔහු පසුගිය සතියේ අවසන් ගමන් ගියේය.

ජනපති පුටින් සිය ප්‍රතිවාදියාගේ මරණය ගැන කිසිවක් කියා නැති නමුත් රුසියාව පුරා ඔහුගේ මරණය වෙනුවෙන් ශෝකය පළකරමින් වැඩසටහන් සංවිධානය කළ පුද්ගලයන් 340 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මානව හිමිකම් සංවිධානය පවසන්නේ මේ අයගෙන් 230 දෙනකු තවම රඳවාගෙන සිටින බවයි. ලිතුවේනියානු ජනාධිපති ගිටනාස් නවුශ්ඩා පවසන්නේ රුසියානු විපක්ෂ නායකවරයා ක්‍රෙම්ලිනයේ පාලනය විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද බවයි. ලිතුවේනියානු නායකයා කියා සිටියේ රුසියානු පාලන තන්ත්‍රය “ම්ලේච්ඡ” සහ “ආක්‍රමණශීලී” බවත් යුරෝපා සංගමය මෙයට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ග ගත යුතු බවත් ය.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර, ලබන සෙනසුරාදාට වසර දෙකක් සම්පූර්ණ වෙයි. වසර එකහමාරක කාලයක් මේ යුද්ධය රුසියානු පාර්ශ්වයට අවාසිසහගත ලෙස පැවතියද දැන් එය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. යුක්‍රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි මියුනික් හි පැවති ආරක්ෂක සමුළුවක් අමතමින් පවසුවේ “ව්‍යසනකාරී” තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා තවත් ආයුධ ඉකමනින් ලබා දෙන ලෙසයි. ඔහු කියන්නේ තම සෙබළුන්ට පතුරම් හිඟවී තිබෙන බවයි. “රුසියාවේ කුරිරු ආක්‍රමණයට” එරෙහිව යුක්‍රේන සටනට සහාය දීමට එක්සත් ජනපදය කැපවී සිටින බව ජනාධිපති ජෝ බයිඩන් ජනපති සෙලෙන්ස්කි මහතාට සහතික වූ බව ධවල මන්දිරය මීට දින කිහිපයකට පෙර පැවසුවේ තම හිතවත් යුක්‍රේන පාර්ශ්වයට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසාය. මීට වසර දෙකකට පෙර සිය හමුදා මෙහෙයුම අරඹමින් ජනපති පුටින් පැවසුවේ තමන්ගේ අරමුණ යුක්‍රේනය හමුදාකරණයෙන් මුදාගැනීම බවයි. රුසියාව මෙන්ම යුක්‍රේනයද යුරෝපයේ නැගෙනහිර මායිමේ පිහිටා ඇත. එය භූමි ප්‍රමාණයෙන් යුරෝපයේ දෙවන විශාලතම රට වන අතර ලෝකයේ විශාලතම රට වන රුසියාවයි. යුක්රේනයේ ජනගහනය මිලියන 44 ක් සහ රුසියාවේ එය මිලියන 144කි. යුක්‍රේන – රුසියානු දේශසීමාව කිලෝ මීටර් 2295ක් පමණ දිගය. යුක්‍රේන වැසියන්ගෙන් 17%ක් රුසියානුවන් වන අතර, යුක්රේනයේ නැගෙනහිර හා දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශයන්හි බහුතරය රුසියානුවෝ වෙති. දැනට මතභේදයට ලක්ව ඇති ක්‍රිමියා අර්ධද්වීපයේ මිලියන 2.4ක් පමණ වන ජනගහනයෙන් 65%ක්ම රුසියානුවෝ වෙති. එදා රුසියානු ආක්‍රමණය ආරම්භ වන විට සත් වසරකින් පසු පළමු වතාවට ඉන්ධන මිල ද බැරලයකට ඩොලර් 100 දක්වා ඉහළ ගියේ ය. ඒ අර්බුදය මීට වසර දෙකකට පෙර මෙරට ජනතාවට අත්දකින්නට සිදුවූ අයුරු ගැන යළිත් මෙනෙහි කරන්නට අවශ්‍ය නැත.

පෙබරවාරියේ නව තනතුරට පත්වූ යුක්‍රේනයේ නව සන්නද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් ඔලෙක්සැන්ඩර් සිරස්කි පසුගිය සතියේ පවසා තිබුණේ ජීවිත පූජා කරනවාට වඩා පසුබැසීම වඩා යහපත් බවයි. අවුඩිව්කා නගරය රුසියානු පාර්ශ්වය අතට පත්වීම පුටින්ට බෙහෙවින් වාසිදායකය. එය පසුගිය වසරේ යුක්‍රේනයේ අසාර්ථක මෙහෙයුම්වලින් පසු මොස්කව් ලැබූ විශාලතම ජයග්‍රහණය මෙයයි. මෙනිසා ඇමෙරිකාව මෙන්ම බටහිර ලෝකයම හෙල්ලුම්කා තිබේ. ඇත්තෙන්ම පසුගිය වසරේ ජුලි 07 වැනිදා ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරය නිසා ලෝකයේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඇමෙරිකාව තම හිතවත් යුදෙව් රාජ්‍යය සුරැකීම වෙනුවෙන් කඳවුරු බැඳගත් අතර බටහිර ලෝකයද එසේම ගසා තීරයට බෝම්බ හෙලන්නට ඩොලර් බිලියන ගණනින් ආධාර කරන්නට විය. මේ නිසා සෙලෙන්ස්කිගේ හමුදා අසරණ විය. රුසියානු හමුදාවට වඩා හොඳින් මෙහෙයුම් ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය වාතාවරණය උදාවිය. හමාස් ප්‍රහාරය නිසා යුක්‍රේනය වෙත ආයුධ තොග පැමිණීමද ක්‍රමයෙන් අඩුවිය. මේ නිසා අත්දැකීම් අඩු රුසියානු විරෝධයම උස්සාගෙන දිවූ ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි අසරණ විය. දැන් ඔහු දුර දිගු අවි ඉල්ලා ඇමෙරිකාවට ලියුම් යවයි.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment