මිනිසුන්ව Motivation කරන්න සුලෝ එයි

549

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය සහ මාධ්‍ය ති‍්‍රත්වයම ජයගත් ඇය නමින් සුලෝචනා වීරසිංහ. මේ දිනවල ඇය ඔබ හමුවට එන්නේ නිලූ ආන්ටි ලෙසිනි. ඒ විතරක් නෙමෙයි සුලෝ මේ දවස්වල මිනිසුන්ගේ මොර්ටිවේෂන් ඇති කරන්න අලූත් වැඩකටත් අතගහලයි තියෙන්නේ. කියවලා බලන්නකෝ ඒ කතාව මොකක්ද කියලා.


* මේ දිනවල ඔබව දිවිතුරා ටෙලිනාට්‍යයෙන් දකින්න ලැබෙනවා. කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

ඇත්තටම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. අන්තර්ජාලය හරහා පළ කරලා තියෙන්නේ නිලූ ආන්ටි වගේ කෙනෙක් ඉන්නවා නම් කියලයි. සමාධිගෙයි නිලූගෙයි තියෙන මිත‍්‍රත්වය ගොඩක් දෙනෙක් අතර ජනපි‍්‍රය වෙලා තියෙනවා. කාලෙකට පස්සේ මගේ සහෝදරිය හිමාලි සයුරංගි එක්ක වැඩ කරන්න ලැබුණා. ඊට කලින් අපි දෙන්නා ආනන්ද අබේනායකගේ තක්සලාව ටෙලිනාට්‍යයෙන් තමයි මුණගැසෙන්නේ.

* නිලූ ආන්ටි මේ නාට්‍යයේ අතරමගදී නේද සම්බන්ධ වුණේ?

අතරමැද කියන්නේ මෙහෙමයි සමාධිගේ හොඳම යාළුවා විදිහට තමයි නිලූ ආන්ටිගේ චරිතය එන්නේ. 30 වැනි කොටසෙදි තමයි මම සම්බන්ධ වෙන්නේ. මම නම් ඒ පිටපත ලියැවෙන විදිහට කැමැතියි හොඳම යාළුවා වුණත් හරිම වෙලාවේදී ගෙන්නලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. අගස්ති, තරුපති, සමාධි, නිලූ ඇන්ටි කියන චරිත අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.

* පසුගිය දවස්වල ඔය ජගත් මනුවර්ණගේ කොඩි ගහ යට ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා නේද?

ඇත්තටම ඔවුන් ඒ නාට්‍යයේ රූගත කිරීම්වල කොටසක් අවසන් කළා. මගේ රූගත කිරීම් සිදු කරන්න තිබුණේ ගල්ගමුව ප‍්‍රදේශයේ. මෑතකදි ඔවුන්ගේ දෙවැනි සහාය අධ්‍යක්ෂවරයාට කොරෝනා වැලඳුන නිසා පටන් ගැනීම ටිකක් කල් ගියා.

* සුලෝචනා මේ දිනවල ෂූටින් යන්නේ දිවිතුරා ටෙලි නාට්‍යයේ විතරමද?

නැහැ. වසන්ත කේ. වැල්ලවාය කියන අධ්‍යක්ෂවරයාගේ ඉරට ළඟ මිනිස්සු ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. වැල්ලවායේ තමයි රූගත කිරීම් සිදු කළේ. සමන්ත ගමගේ තමයි පිටපත ලිව්වේ.

* වසංගතයත් එක්ක කාලෙකින් වේදිකාවට ගොඩ වෙන්න බැරි වුණා නේද?

තියටර් එක අපට දැන් මිස් වෙනවා. ඒ ගැන ලොකු දුකක් තියෙනවා. තියටර් එකෙන් තමයි මම රංගනය පටන් ගත්තේ. මම හිතන්නේ තියටර් එකේ වැඩ කරන්න තව කාලයක් යයි. අලූත් වේදිකා නාට්‍ය දෙකකට කතා කරලා තිබුණේ. ඒ සියල්ල දැන් නතර වෙලයි තියෙන්නේ. ඉතින් ඉතාමත්ම දුකයි කාලෙකින් වේදිකාවට සම්බන්ධ නොවීම ගැන. අපිට විතරක් නෙමෙයි මේ ලෝකවාසී සියලූම දෙනාට තමන් කැමැති දේවල්වල නියැලෙන්න බැරි වෙලා තියෙනවා. අපි ප‍්‍රාර්ථනා කරමු මේ වසංගතය ලෝකයෙන් තුරන් වෙන්න කියලා.

* මේ වසංගතය නිසාම නළු නිළියන්ට රූපවාහිනියට කොටු වෙන්න වෙලා තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?

ඒක එහෙම වෙලා තියෙනවා. සිනමාවේ වැඩ කරන සහ කරන්න බලාපොරොත්තුවෙන් හිටපු අය දැන් රූපවාහිනියේ ටෙලිනාට්‍ය භාර ගන්න තැනට ඇවිත් තියෙනවා.

මේ වසංගතයත් එකක් ඉතා ඉක්මනට සිනමාවේ පිබිදීමක් ගැන කියන්න බැහැ. එතකොට පුංචි තිරයේ නිර්මාණත් එකක් තමයි සම්බන්ධ වෙන්නේ. මොනවා හරි ඇප්වලට කරන චිත‍්‍රපටවලට පසුගිය කාලයේ මමත් රඟපෑවා. හෝල්වල අපේ චිත‍්‍රපට දුවන එක දැනට නම් හීනයක් වගේ තමයි.

* වසංගතයත් එක්ක සුලෝචනා අලූත් වැඩකටත් අතගැසුවා නේද?

ඔව්. ඇත්තටම. ක්‍ෂණිකව නෙමෙයි.

පසුගිය අවුරුදු දෙක තුනේ මගේ ඔළුවේ තිබුණේ යූටියුබ් නාලිකාවක් පටන් ගන්න එක. ඒකේ මගේ අදහස වෙලා තිබුණේ මෝටිවේෂන් වීඩියෝ කරන්න. ඒකට අර ඇඳ ඇඳ හිටියා. නමුත් ගිය සතියේ ඉතාම හදිසියෙන් මම මෙහෙම වැඩක් කරනවා කියලා හිතලා මගේ ෆෝන් එකෙන් ෂූට් කරලා වීඩියෝ එකක් අප්ලෝඞ් කළා.

* හදිසියේ යූටියුබ් චැනල් එකක් කරන්න හිතුවේ?

හදිසියේ නෙමෙයි. ඒකට මගේ ඔළුවේ අවුරුදු දෙකක ඉඳලා අදහස තිබුණා. ඒකට පොඩි හැඩයක් තියෙන්නේ ඕනෑ කියලත් හිතුවා. ඒ වගේම ස්ටුඩියෝ එකක් අරගෙන කරන්න හිටියේ. දැන් තියෙන මේ වසංගත තත්ත්වයත් එක්ක වගේම ආර්ථික තත්ත්වයත් එක්ක එච්චර ඉහළින් කරන්න හිතුවොත් තව කල් යනවා. ඒක නිසා නාලිකාව පටන් ගත්තා.

* නාලිකාව මොන නමින්ද පටන් ගන්තෙ?

දැනට මගේ නමින්. සුලෝ කියලා.

* ඉස්සරහට සුලෝ නාලිකාවේ මොන වගේ දේවල් ද දැක බලා ගන්න හම්බ වෙන්නේ?

ඇත්තටම මම අර මුලින් කිව්ව වගේ මෝටිවේෂනල් වීඩියෝ කරන එක තමයි මගේ අදහස. මේ වසංගතයත් එක්ක මිනිස්සු ඉන්නේ අවිනිශ්චිතතාවක. ඉතාමත් යහපත් මානසික මට්ටමක් පවත්වාගෙන යෑම හරි අමාරුයි. ඒක ඇත්තටම කියනවා නම් පුහුණු කළ යුතු දෙයක්. මිනිසුන්ට අපේ ජීවිත ඇතුලේ දේවල් කතා කරන එක වගේම මිනිස්සු දන්න චරිත කතා කරලා. එයින් අපේ ජීවිත කොහොමද වඩාත් ශක්තිමත් කර ගන්නේ කියන කාරණයට තමයි මම ආසා වුණේ. මිනිසුන්ගේ කඩා වැටුණු හිත් සහ මානසික සෞඛ්‍ය වෙන පැත්තකට අරගෙන යන්න පුළුවන් නම් කියන එක තමයි මම ඇත්තටම හිතුවේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment