උතුරු පළාත් සභාවේ සාරි හුටපටයෙන් නිලධාරියාගේ රෙදි ගැලවෙයි..!

183

උතුරු පළාත් සභාවේ එක් සංවර්ධන ව්‍යාපෘතියකින් වංචනික ලෙස මුදල් ලබා ගත් නිලධාරියකු එම මුදල්වලින් උත්සව සමයේ සිය බිරිඳට සාරි 10ක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම නිලධාරියා මීට පෙරද මුදල් වංචාවකට හසු වී ඒ සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයකදී නිදහස් වූවෙකි.

අදාළ ව්‍යාපෘතියෙන් මුදල් ලබාගෙන ඇති මෙම නිලධාරියා සිය බිරිඳට සාරි මිලට ගැනීම සම්බන්ධයෙන් උරණ වූ තවත් නිලධාරියකු ඔහු පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පැමිණිලි කොට තිබේ. උතුරු පළාත් සභාව මෙම නිලධාරියාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment