මන්නාරමේ ගෙයක් අස්සේ පුපුරන ද්‍රව්‍ය තොගයක්

157

ජෙලග්නයිට් කරල් 525 ක් ඩෙටනේටර් 354 ක් සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට

මන්නාරමේ නව මුවර් වීදියේ නිවසක සඟවා තිබූ ජෙලග්නයිට් කරල් 525ක්, ඩෙටනේටර් කූරු 354ක් සහ සම්බන්ධක නූල් රෝල් 10ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මන්නාරම පොලිසිය විසින් 19 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි නිවසේ අයිතිකරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මන්නාරම, පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකු වන අතර ඔහු පොලීසියට පවසා ඇත්තේ එම පුපුරන ද්‍රව්‍ය පළාතේ ධීවරයකු විසින් තම නිවසේ තබා ගිය බවයි.

මෙම පුපුරන ද්‍රව්‍ය තොගය අදාළ ධීවරයා විසින් කුරුණෑගල ප්‍රදේශයෙන් රැගෙන විත් වෙනත් ධීවරයින්ට අලෙවි කරන බවද නිවසේ හිමිකරු පොලිසියට පවසා ඇත.

මෙම පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා නිසි බලපත්‍රයක් නොතිබූ බව මන්නාරම පොලිසිය සඳහන් කරයි.

සැකකරු හා ඔහු සන්තකයේ තිබූ පුපුරන ද්‍රව්‍ය තොගය මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මන්නාරම පොලීසිය පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment