අංගොඩ ලොක්කා හා ඩුබායි ධනුෂ්කගේ 12ක් අත්අඩංගුවට

238

ඉන්දියාවේදී මරුමුවට පත්වූ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ සහ ඩුබායි ධනුෂ්ක නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ජාවාරම්කරුවන් 12 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය මගින් පෙරේදා (19 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම්කරුන් සතුව තිබී අයිස්, හෙරොයින් කුෂ් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතුරින් දෙදෙනකු ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බව විමර්ශනවලින් හෙළිවී ඇත.

සෙසු සැකකරුවන් දසදෙනා ඩුබායි ධනුෂ්ක නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මෙරට ගෝලයන් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දොළොස් දෙනා රැඳවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment