ශ්‍රී ලංකා – IMF තාක්‍ෂණික සාකච්ඡා වටය අද සිට

111

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මීළඟ තාක්‍ෂණික සාකච්ඡා වටය අද (09දා) සිට ආරම්භ වේ.

මේ තාක්‍ෂණික සාකච්ඡා අද සිට මැයි 23 දින දක්වා සිදු කිරීමට නියමිතය.

මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් ලබාදීමට පෙර මේ මාර්ගගත තාක්‍ෂණික සාකච්ඡා පැවැත්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහාය වීමට බැඳී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා මාධ්‍යයට පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බවට නිගමනය කර ඇති නිසා කඩිනම් මූල්‍ය පහසුකමක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් අනුමත කිරීමට ශ්‍රී ලංකාවේ ණය තිරසාර තත්ත්වයට පත්කරන බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වනු ඇති බවද මසහිරෝ නොසාකි මහතා මාධ්‍යයට පවසා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment