හවායි ලැව් ගිනිවලින් 99ක් මරුට

179

ශතවර්ෂයකට අධික කාලයකින් පසු හවායි දූපත්වල හටගෙන ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයන් 10-20 අතර පිරිසකගේ මළ සිරුරු ඉදිරියේදී සිදු කෙරෙන මෙහෙයුම්වලදී දිනකට හමු විය හැකි බව හවායි දූපත්වල ආණ්ඩුකාර ජෝෂ් ග්‍රීන් විසින් අනතුරු අඟවා තිබේ. ඊයේ (15දා) වන විට ලැව් ගිනිවලට ගොදුරු වීමෙන් හවායි දූපත් වැසියන් 99 දෙනෙකු මියගොස් තිබූ අතර පුද්ගලයන් 1300ක් පමණ දෙනා අතුරුදන්ව සිටියහ.

ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිපලයක් වශයෙන් හටගෙන ඇති මෙම ලැව් ගිනි පැතිරීමෙන් හවායි දූපත්වලට අයත් ‘ලහියානා’ නගරය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර මෙම ලැව් ගිනිවලින් නිශ්චිත වශයෙන් මිය ගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව අනාවරණය කරගැනීම සඳහා තවත් දින 10ක පමණ කාලයක් ගතවනු ඇති බව හවායි ආණ්ඩුකාරවරයා පවසා තිබේ. ඊයේ දිනය වන විට ලැව්ගිනි වලින් විනාශ වී ගිය ප්‍රදේශයෙන් මෙහෙයුම් නිම වී තිබුණේ සියයට 25ක පමණ භූමිභාගයක පමණකි. මෙම ලැව්ගිනි හවායි මෙන්ම ඇමරිකානු ඉතිහාසයේ මෙතෙක් හටගෙන ඇති දරුණුතම ස්වභාවික ව්‍යසනය සේ සැළකේ.

advertistmentadvertistment
advertistmentadvertistment