ඉන්දියාවට අත්‍යවශ්‍ය මුම්බායි පාතාල නායක ඩාවුට්ට වස දීලා

226

කරච්චියේ රෝහලක රහසේ ප්‍රතිකාර කරයි

ඉන්දියාවට ඉතා අවශ්‍ය පාකිස්තානයේ වෙසෙන පාතාල නායකයකු වන ඩාවුඩ් ඉබ්‍රහිම්ට වස දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඩාවුඩ් ඉබ්‍රාහිම් කාලයක් තිස්සේ පාකිස්තානයේ වාසය කරන අතර මෙලෙස වස ශරීර ගත වීම නිසා ඔහු කරච්චියේ රෝහලකට ඇතුළත් කර තිබේ.

දැඩි ආරක්‍ෂාව යටතේ මොහුට ප්‍රතිකාර කෙරෙන අතර රෝහලේ එක් මහලක් ඉබ්‍රාහිම් වෙනුවෙන් ම වෙන්කර ඇත. එහෙත් පාකිස්තාන මාධ්‍ය මේ ගැන කිසිවක් ප්‍රකාශකර නැත.

මුම්බායි නුවර සිදුවූ පිපිරීම් රැසකට ඩාවුඩ් ඉබ්‍රාහිම් සම්බන්ධ බව ඉන්දීය ආරක්‍ෂක අංශ කියයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment