බීලා වාහන එළෙව්වොත් දඩය රු. 25,000යි – පොලිස් මෙහෙයුම් රටපුරා

133

අවුරුදු සමයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කර රථවාහන ධාවනය කරන රියැදුරන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුම මේ වනවිට අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට ඊයේ (12 වැනිදා) පැවසීය.

මෙම මෙහෙයුම සඳහා රථ වාහන හැසිරවීමේ නිලධාරීන් විශාල පිරිසක් දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිතව යොදවා ඇතැයි ද හෙතෙම කීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද කීවේය.

අවුරුදු දවස්වල ඇතැමුන් මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කරලා වාහන එලවන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ නිසා දැන් ඉඳලම රථවාහන පොලිස් නිලධාරීන් ප්‍රධාන නගරවල යොදවා තියෙනවා. බීලා අහුවුණොත් දඩය රුපියල් 25,000 යි. ඒ නිසා මේ දවස්වල මත්පැන් බීලා වාහන එලවන්න එපා කියලා රියැදුරන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment