ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළ යයි

142

මේ වසරේ (2023) මුල් මාස දෙකේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ සැලකිය යුතු පහළ යෑමක් සිදුව ඇත.

ගිය වසරේ (2022) දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ පැවැති සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය දහනව ලක්‍ෂ පනස් දෙදහස් නවසිය අනූ එකක් ලෙසින් වාර්තා වී ඇත. එය 2023 ජනවාරි මාසය අවසන් වන විට දහනව ලක්‍ෂ හතළිස් දෙදහස් දෙසිය හැත්තෑ දෙකක් දක්වාත්, 2023 පෙබරවාරි මාසය අවසන් වන විට දහනව ලක්‍ෂ හතළිස් දහස් අටසිය හැත්තෑදෙකක් දක්වාත් පහළ ගොස් තිබේ.

මෙය පූර්ව මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 10,719 ක සහ 2023 පෙබරවාරි මාසයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 1,400ක අඩු වීමකි.

මේ අතර මෙකී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය 2022 දෙසැම්බර් මාසය අවසන් වන රු. මිලියන එක්ලක්‍ෂ හතළිස් තුන් දහස් අනූ අටක් වෙයි.

මේ ප්‍රමාණය 2023 ජනවාරි මාසය අවසන් වන විට රු. මිලියන එක්ලක්‍ෂ හතළිස් දෙදහස් හැට එකක් දක්වාත් 2023 පෙබරවාරි මාසය අවසන් වන රු. මිලියන එක්ලක්‍ෂ හතළිස් එක් දහස් එකක් දක්වාත් අඩු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment