අයි එම් එෆ් රාමුව ඇතුළේ වැඩ කරන්න වෙනවා – ජනාධිපති කියයි

72

අයි එම් එෆ් ගිවිසුම තුළ පවතින රාමුව ඇතුළත ශ්‍රී ලංකාවට වැඩ කිරීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එය රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡාවන්ට ඇතුළත්ව තිබෙන්නේ රටක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කරන ආර්ථික මූලධර්ම බවද ඉන් ඉවත් වුවහොත් ශ්‍රී ලංකාවේ ණය හිමියන් ඊට විරුද්ධව ක්‍රියාත්මකවීමට පෙළඹෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය දුන් පළමු බැංකුව චීන එක්සිම් බැංකුව බව ද ඔහු කීවේය. එසේම නිල ණය හිමියන්ගේ කමිටුවත් ප්‍රතිපත්තිමය වශයෙන් සමාන එකඟතාවක් ඉතා ඉක්මණින් ලබාදෙයි කියා බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා තවදුරටත් කීවේය. ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ (2023) ප්‍රධාන දෙසුම පවත්වමින් පෙරේදා (28දා) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී ජනාධිපතිවරයා මේ බව කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment