ජාතික ශූරතා පාපැදි ජය චමෝද් ට සහ දිල්රුක්ෂිට

94

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් පවත්වන ලද ජාතික ශූරතා පාපැදි තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයේ චමෝද් ද සිල්වාට හිමි වූයේය.

එහි කාන්තා අංශයේ ශූරතාවය පුත්තලම දිස්ත්‍රික්කයේ එම්. ඒ. දිනේෂා දිල්රුක්ෂි දිනා ගත්තාය.

පිරිමි අංශයේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවලින් නිරාන් පසිදු සහ අශේන් තරුල දිනා ගත් හ. කාන්තා අංශයේ දෙවන සහ තෙවන ස්ථාන පංචාලි සුලෝචන් සහ ඈන් ශෙනාලිට හිමි විය.

පිරිමි අංශයේ තරගය කිලෝමීටර් 150.5 කින් යුතු වූ අතර කාන්තා තරගය කිලෝමීටර් 45.2කින් යුතු විය.

advertistmentadvertistment
advertistmentadvertistment