රැකවල් දේවදූතයා

52

දෙවියන් වහන්සේගේ ස්වරූපය නිර්මාණය කරන ලද විශාල රුධිරයේ මිලක් දී පාපයෙන් මුදා ගන්නා ලද මනුෂ්‍යයා දෙවියන් වහන්සේ හා සම්බන්ධ කර තැබීමට එක් පුද්ගලයකුට එක්කෙනා බැගින් ස්වර්ගීය දූතයෝ පත්කළ සේක. එක් දූතයෙක් ස්වර්ගික රැකවල් දූතයෙක් වෙසෙන සුරදූතික ධූරාවලියේ තුන්වන පදවි ශ්‍රේණියේ අවසාන සුරදූතික පංතිය වන තෙවන සුරදූතික පංතියට රැකවල් දේවදූතයන් අයත් වේ. ස්වර්ත දූතයන් මනුෂ්‍යයන්ට ඉතාමත් සමීප වන්නේ මෙතුමන්ලාය. හැම පුද්ගලයකුටම මෙලොව උපත ලබන අවස්ථාවේදී ස්වර්ගික රැකවල් දූතයෙක් ඔහුට හෝ ඇයට හිමිවේ.

රැකවල් දේවදූතයකුගේ ප්‍රධාන කාර්යය වන්නේ තමන්ම භාරව සිටින්නා වූ පුද්ගලයන් දෙවියන්වහන්සේට සම්බන්ධ කිරීමත් නිරතුරුවම එම පුද්ගලයා ළඟ සිටිමින් පාපයෙන් මුදා ගැනීමත්ය. රැකවල් දූතතුමන් දෙවියන් වහන්සේගෙන් මේ සඳහා විශේෂ වරප්‍රසාදයක් ද ලබා ඇත. මනුෂ්‍යයකුගේ ජීවිත කාලය පුරාම ඔහු සමඟ සිටිමින් ඔහුගේ සෑම ක්‍රියාවන්හිදීම දේව පනත් ඔහු හෝ ඇය නිසි පරිදි ඉටුකරනවා ද? ඇදහිලිවන්ත ධාර්මික දිවි පෙවතක ජීවත් වෙනවා ද? යන්න රැකවල් දූත තුමන් සොයා බලා දෙවියන් වහන්සේට වාර්තා කරනු ලබන්නේය.

රැකවල් දූතයා සෑමවිටම උත්සාහ ගන්නේ එතුමන් පාලනය කරන පුද්ගලයන්ගේ ආත්මය දෙවියන් වහන්සේට ප්‍රසන්න කිරීමය. එනම් යහපත් මාර්ගයක තමන් පාලනය කරන පුද්ගලයා ගමන් කරවීමය. පුද්ගලයකුගේ මරණයෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ ආත්මය දෙවියන් වහන්සේ වෙත ඔසවාගෙන යනු ලබන්නේ තම රැකවල් දූතයාය.

ජූඩ් හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment