බාලවයස්කාර දැරියට අතවර කළ අය වසර දහයක් හිරේ

117

බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ 44 හැවිරිදි විවාහක පෙදරේරුවරයකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (08 දා) බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව එම වරදට රුපියල් 5000 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළේය.

එම විත්තිකරුට එරෙහිව අධිචෝදනා තුනක් යටතේ නඩු පවරා තිබූ අතර බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සහ බරපතළ ලිංගික අපයෝජනය යන සෙසු චෝදනා දෙකෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ද ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය. පෙරකී වන්දිය නොගෙවන්නේ නම් වසරකුත් මාස දෙකක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

මෙයට වසර කිහිපයකට පෙර එනම් 2017 අප්‍රේල් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී තමන් වැඩ කළ ස්ථානයට කෑම රැගෙන පැමිණි එවකට සත් හැවිරිදි වියේ පසු වූ එම දැරියට සිදු කර ඇති එකී අපරාධය ඉතා බරපතළ වන බැවින් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥ ක්‍රිශන්තා ප්‍රනාන්දු මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

කෙසේ නමුත් විත්තිකරුට එරෙහිව නගා ඇති ස්ත්‍රී දූෂණය චෝදනාව සහ බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා පළමුවන චෝදනාවට පමණක් විත්තිකරු වරදකරු කර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා කළ ඉල්ලීම සලකා බලමින් එලෙස ලිහිල් දඬුවම් නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment