ඖෂධ නව අධ්‍යක්‍ෂගේ පත්වීමට බකට් පෙරළලා – බලපෑම් නොතකා ජනපති පත්වීම තහවුරු කරයි

285

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව විධායක නිලධාරියාගේ පත්වීම අවලංගු කරන ලෙස රජයේ ප‍්‍රබලයකු එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට කළ නියෝගය නොතකා එම නිලධාරියාව පත් කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝග කර ඇත.

නිසි ක‍්‍රමවේදයකින් යුක්තව මෙම නිලධාරියා පත්කර ඇති අතර ඒ ගැන රජයේ ප‍්‍රබලයා අධ්‍යක්‍ෂ මණ්ඩලය කැඳවා නිදහසට කරුණු විමසා තිබේ.

එම රැස්වීමට රජයේ දේශපාලන ප‍්‍රබලයකුගේ දියණිය සහ පුත‍්‍රයා ද සහභාගි වී ඇත.

ඖෂධ නියාමන පනත යටතේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පූර්ණ බලතල හිමි වී ඇති අතර පත්වීම් කිරීමට පෙර රජයේ දේශපාලන ප‍්‍රබලයන්ගෙන් විමසිය යුතු නැත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment